මෙම වසරේ (2024) දෙසැම්බර් මස සිට විශ්‍රාම යාමට නියමිතව සිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා හෙට (30) සිට විශ්‍රාම යාමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඊට අදාළ ලිපි ලේඛන ද ඔහු විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව පැවසේ.
ඔහු මෙම වසරේ දෙසැම්බර් මස සිට විශ්‍රාම යාමට තිබියදී නව ආණ්ඩුව යටතේ අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශවල නව ලේකම්වරයා ලෙස ගිය සතියේ වැඩ භාර ගත්තේය.
මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා මාධ්‍යට පවසා ඇත්තේ මෙම වසරේ දෙසැම්බර් 03 වැනිදා තමා විශ්‍රාම යාමට නියමිතව තිබුණද පෞද්ගලික කටයුත්තක් හේතුවෙන් හෙට (30) සිට විශ්‍රාම යන බව සඳහන් කරමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අදාළ ලිපි ලේඛන යොමුකළ බවයි.
එහෙත් රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ ලේකම්වරයාට එරෙහිව චෝදනා ඇති බවට ඇතැම් පිරිස් පැමිණිලි කිරිම හේතුවෙන් ඔහු විශ්‍රාම යෑමට තීරණය කර ඇති බවයි.
මූලාශ්‍රය – අරුණ