පුවත්

අලුත් ජනමාධ්‍ය ඇමති මනූෂ!

Published

on

පසුගියදා ජනපතිවරයාගේ නිවසේ ඇමතිවරු කිහිපදෙනෙකු සමඟ පැවැති හමුවකදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් හා ‘ජනමාධ්‍ය’ විෂය කඩිනමින් වෙනස් කිරීමේ අවශ්‍යතාවක් සම්බන්ධයෙන් ජනපතිවරයා කතා කළ බව වාර්තා වේ.

ඉරිදා අරුණ පුවත්පත විසින් වාර්තා කර ඇති එහි දැක්වෙන්නේ වත්මන් ජනමාධ්‍ය ඇමති බන්ධුල ගුණවර්ධන මහතා ඉවත්කර එම අමාත්‍ය ධූරය මනූෂ නානායක්කාර මහතාට ලබාදීමට ජනාධිපතිවරයා යෝජනා කර ඇති බවයි.ආණ්ඩුවේ ලොකු පුටු මාරුවක් 

මේ අතර, තවත් සතිඅන්ත පුවත්පතක් ලබන මැයි මාසයේ මුල් සතියේ ආණ්ඩුවේ ඉහළම තනතුරු කිහිපයක වෙනස්කම් සිදුවනු ඇති බවයි.

ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන තනතුරු කිහිපයක් වෙනස් විය හැකි බවද එහි දැක්වේ.

මෙයට අදාළව මූලික අදහස් හුවමාරුවක් මේ වන විටත් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර සිදුව ඇති බවද පැවසේ. 

අනතුරුව ඒ සඳහා සුබ නැකැත් පවා සූදානම් කර ඇතැයිද එම පුවත්පත වාර්තා කර තිබේ. 

Trending

Exit mobile version