Connect with us

පුවත්

අලුත් මන්ත්‍රීවරුන්ට, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ඉන්දියාවෙන් පුහුණු වැඩසටහන්

Published

on

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා 2025.01.06 වැනි දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. 

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී විය.

මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා කථානායක වෛද්‍ය වික්‍රමරත්න මහතාට නව වසර සඳහා සුබ පැතුම් එක් කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සම්බන්ධතාවය නැවතත් තහවුරු කළේය. එසේම දෙරටේ අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාව වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා කථානායකවරයාට ආරාධනයක් ද  කළේය.

පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා පුහුණු සහ ධාරිතා වර්ධන වැඩසටහන් හරහා පාර්ලිමේන්තුවට සහාය දැක්වීමේ ඉන්දියාවේ සූදානම පිළිබඳව ද මහ කොමසාරිස්වරයා සඳහන් කළේය. දහවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම සඳහා කථානායකතුමාගේ මග පෙන්වීම අපේක්ෂා කරන බවද ඔහු පැවසීය. තවද,  ප්‍රතිපත්ති සම්පාදනයේ දී කාන්තාවන්ගේ භූමිකාව ඉහළ නැංවීම මෙන්ම අන්තර් සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා දෙරටේ පාර්ලිමේන්තුවල කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ කණ්ඩායම් අතර සමීප සබඳතා වර්ධනය කිරීමේ වැදගත්කම මහ කොමසාරිස්වරයා අවධාරණය කළේය.      

කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා, දෙරට අතර ඓතිහාසික සබඳතා සහ සංස්කෘතික බැඳීම් පිළිබිඹු කරමින්, විවිධ අංශ ඔස්සේ ඉන්දියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහයෝගයට සිය කෘතඥතාව පළ කළේය.

ආර්ථික සංවර්ධනය, ඩිජිටල්කරණය සහ කලාපීය සහයෝගීතාව ඇතුළු බොහෝ කරුණු කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

පුවත්

වැඩි මිලට විකිණූ හොර පොහොර

Published

on

By

ව්‍යාජ ලෙස සකස් කරන ලද පොහොර ගොවීන්ට වැඩි මිලට අලෙවි කළ පොලොන්නරුව, සිරිපුර ප්‍රදේශයේ මහා පරිමාණ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් වටලා, එහි කළමනාකාරවරයකු ඇතුළු සේවකයන් දොළොස්දෙනකු පොලොන්නරුව කොට්ඨාස විමර්ශන අංශය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන ඇත.

දීර්ඝ කාලයක සිට නයිට්‍රජන් සියයට විසි එකක් (21%) පවතින පොහොර ඉතා අඩු මිලට ගෙනවිත්, සියයට හතළිස් හයක් (46%) නයිට්‍රජන් පවතින බව සඳහන් කර එම පොහොර බෑග්වල අසුරා ගොවීන්ට වැඩි මිලට අලෙවි කර ඇතැයි පැවසේ.

කලවම් කරන ලද පොහොර මිටි දහසකට ආසන්න සංඛ්‍යාවක්, පොහොර පටවා තිබූ ලොරි හතරක් සහ තවත් උපකරණ තොගයක් පොලොන්නරුව කොට්ඨාස විමර්ශන අංශය භාරයට ගෙන තිබේ.

මෙම ජාවාරම් සිදුකරන ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, වැටලීම සිදු කරන අවස්ථාවේදී සේවකයන් එකොළොස්දෙනකු එම පොහොර මිශ්‍ර කරමින් සිටි බව එම විමර්ශන නිලධාරිහු පැවසූහ.

අත්අඩංගුවට ගත් මෙහි කළමනාකරු බව කියන පුද්ගලයා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, පොහොර ඇසුරුම් කරමින් සිටි සේවකයන් මඩකලපුව සන්ධිවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය සඳහන් කළේය.

වැඩි මිල සටහන් කරන ලද හිස් පොහොර මලු දෙදහකට ආසන්න සංඛ්‍යාවක්, පොහොර බෑග් මහන යන්ත්‍ර සහ මිල සටහන් කරන යන්ත්‍ර සූත්‍ර කිහිපයක්ද එම නිලධාරින් භාරයට ගෙන තිබේ.

මෙම ජාවාරම කරගෙන ගිය බව කියන ප්‍රධාන සැකකරු විසින් පෞද්ගලික පොහොර සමාගමකින් කිලෝ ග්‍රෑම් 50 මිටියක් රුපියල් පන්දහසක් වැනි මිලකට ලබාගෙන ඇත.

පසුව ඒවා අරලගංවිල, සිරිපුර, වැලිකන්ද ඇතුළු පොලොන්නරු දිස්ත්‍රික්කය පුරා සිටින ගොවීන්ට සහ අලෙවි නියෝජිතයන්ට බෙදා හැර තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.

ඒ අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විශාල බිම් ප්‍රමාණයක වී වගාව සඳහා යල මහ දෙකන්නයේ බොහෝ ගොවීන් පිරිසක් කලක සිට යොදාගෙන ඇත්තේ මෙම ජාවාරම්කරුවාගෙන් ලබාගන්නා පොහොර බවත් ගොයම කහගැන්වී අස්වැන්න අඩුවීමට එය හේතුවක් වී ඇති බවට තොරතුරු හෙළිදරව් වී ඇති බවත් පොලිසිය පැවසීය.

මේ අතර මෙම මහා පරිමාණ ජාවාරම සඳහා ප්‍රධාන සැකකරු සමග තවත් කිහිපදෙනකු සම්බන්ධ වී ඇති බවට සැකකරන බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කළේය.

අදාළ සැකකරුවන් බී වාර්තාවක් මගින් පොලොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (14) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

මාර්ග අනතුරු අවම කිරිමට දැඩි නීති

Published

on

By

මාර්ග අනතුරු අවම කිරිමට දැඩි නීති රීති ගෙන ඒමට අවශ්‍ය බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට තිබෙන නීතී රිති ද ශක්තිමත් කරන බවය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පවතින නීතී රිති පොලිස් නිලධාරින් විසින් නිසි ලෙස ක්‍රියාවට යෙදවිය යුතු බවයි.

පොලිස් නිලධාරීන් විසින් එම නීති රීති ක්‍රියාවේ යොදවන්නේ නැති අවස්ථා පිළිබඳව ද සොයා බලන බව අමාත්‍යවරයා විසින් සදහන් කරන ලදී.

කොත්මලේ බස් රථ අනතුර පිළිබද විමර්ශනය කිරිමට පත් කළ කමිටු වාර්තාව සති දෙකක් තුළ ලැබෙන බව අමාත්‍යවරයා පවසයි.

එම කමිටුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරිණි.

Continue Reading

පුවත්

පළාත් පාලන නියෝජිතයන් ගැසට් කිරීම: ලැයිස්තුව ලැබෙන පිළිවෙලටයි

Published

on

By

පළාත් පාලන ඡන්ද විමසීමේදී අතිරේක ලැයිස්තුවෙන් නම් කළ යුතු සභිකයන් සංඛ්‍යාව පක්ෂ හා කණ්ඩායම් ලේඛන ලබා දෙන පිළිවෙල අනුව එම නම් ගැසට් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව එම ලැයිස්තු ලැබෙන පරිදි තේරි පත්වූ සභිකයන්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

අතිරේක ලැයිස්තුවෙන් නම් කළ යුතු සභිකයන් සංඛ්‍යාව සහ කාන්තා නියෝජනය සිදුවිය යුතු ආකාරය කෙසේදැයි පක්ෂ ලේකම්වරුන්ට හා ස්වාධීන කණ්ඩායම් නායකයන්ට ලිඛිතව දැනුම් දී ඇති බවද  මැතිවරණ කොමසාරිස්වරයා විසින් පවසන ලදී.

මේ වන විට එම දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වලින් ඊට ලැබෙන ප්‍රතිචාරය යහපත් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

පළාත් පාලන ආයතන සභා ජුනි 2 වන දා වන විට ආරම්භ කිරීමට හැකි වන පරිදි මැතිවරණ පවත්වා තම කාර්යභාරය අවසන් කළ යුතු බව මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.

දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව ලැයිස්තුවෙන් තේරී පත්වූ සභිකයන්ගේ නම් දින 07ක් ඇතුළත එවන්නැයි මැතිවරණ කොමිසම දැනුම් දී ඇති බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

මූලාශ්‍රය – මව්බිම

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved