පුවත්

අලුත් මන්ත්‍රීවරු ගිනි අවි ඉල්ලලා නැහැ

Published

on



නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිසිවෙකු මේ දක්වා ගිනි අවි සඳහා ඉල්ලුම් කර නැති බව පාර්ලිමේන්තුව පවසයි.

පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය සඳහන් කළේ, කිසියම් මන්ත්‍රීවරයෙක් ගිනි අවි ඉල්ලා සිටින අවස්ථාවක ඊට අදාළව නිර්දේශ ලබා දීමට පියවර ගන්නා බවය.

මන්ත්‍රීවරුන් 95 දෙනෙකු පමණ මේවන විට නිල නිවාස ඉල්ලා ඇති බව, පාර්ලිමේන්තු මහලේකම්වරිය පැවසුවාය.

ඇය සඳහන් කළේ, නිල නිවාස මන්ත්‍රීවරුන්ට භාරදීම මේ සතිය තුළ සිදුකරන බවය.

මේවන විට නිවාස 45 ක් පමණ ප්‍රතිසංස්කරණය කර අවසන් බවත් සෙසු නිල නිවාස ද කඩිනමින් ප්‍රතිසංස්කරණයට පියවර ගන්නා බව ඇය පැවසුවාය.

Trending

Exit mobile version