පුවත්

අවශ්‍ය තරම් ගල් අගුරු ගේනවා – ලංකා ගල් අගුරු සමාගම

Published

on

මෙරට විදුලි ජනනයට අවශ්‍ය සමස්ත ගල් අඟුරු තොග අප්‍රේල් මස 30 වැනිදා වනවිට ආනයනය කිරීමට හැකි බව ලංකා ගල් අගුරු සමාගම පවසයි.

එම සමාගම ප්‍රකාශ කළේ අප්‍රේල් මාසය වනවිට ගල් අඟුරු නැව් 32 ක් මෙරටට ගෙන ඒමට සැලසුම් කර ඇති බවයි.

ඉන් නෞකා 5 ක් මේ වනවිට ගෙන්වා ඇති අතර තවත් නැවක් ලබන සතියේ මෙරටට ළඟාවීමට නියමිතව ඇත.

ඉතිරි ගල් අඟුරු නෞකා ජනවාරි සිට සතියකට නෞකා පහ බැගින් මෙරටට ළඟා වීමට නියමිතයි.

Trending

Exit mobile version