ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාම යෝජනා කැඳවීම සිදුකරන දිනය පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද (25) රැස්වීමට නියමිතය.
අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කොමිසන් සභාව රැස්වන බවට වාර්තා වේ.
එහිදී ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිතය.
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව මෙම සති අන්තයට පෙර නිවේදනය කරන බව ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කලේය.
ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුලික කටයුතු මේ වන විටත් අවසන් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා එහිදී පවසා සිටියේය.