පුවත්

අවාරේ ශ්‍රීපාද වන්දනාවට අවසර 

Published

on

අවාරයේ ශ්‍රීපාද සංචාරය සඳහා රත්නපුර ශ්‍රි පාද මාර්ගය සහ නල්ලතන්නි මාර්ගය විවෘත කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

රත්නපුර ශ්‍රීපාද මාර්ගයේ පවනැල්ල පොලිස් මුරපොළ පැවති ස්ථානයේ බලපත්‍ර නිකුත් කිරිමේ කවුළුවක් ස්ථාපත කර ඇති අතර, නල්ලතන්නි බලපත්‍ර නිකුත් කිරිමේ කවුළුව නල්ලතන්නි අඩවි ආරක්ෂක කාර්යාලයේ ස්ථාපිත කර ඇත.

අදාළ බලපත්‍ර කවුළු දිනපතා සවස 06 සිට පසුදින උදෑසන 10 තෙක් විවෘත බව සඳහන්ය.

රක්ෂිතයට ඇතුළු වන සංචාරකයන්ගේ චර්යාවන් පිළිබද වනජීවි නිලධාරීන් නිරන්තර විමසිල්ලෙන් සිටින අතර, අවාරයේ දී කුරුවිට, දෙහෙනකන්ද, මාරිගොඩ යන මාර්ග වසා තිබෙන අතර එම මාර්ගවලින් රක්ෂිතයට ඇතුළු වීම තහනම් බව ද වාර්තා වේ.

තවද බලපත්‍ර නොමැතිව ශ්‍රිපාද රක්ෂිතයට ඇතුළු වන සංචාරකයන්ට එරෙහි ව වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක අඥා පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Trending

Exit mobile version