පුවත්

අවිස්සාවේල්‌ලේදී ලක්ෂ 50ක් කොල්ල කෑ දෙදෙනා මාට්ටු

Published

on

පසුගිය 26දා අවිස්සාවේල්ල නගරයේ දී රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ 19 හැවිරිදි තරුණියක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පුද්ගලික සමාගමකට අයත් රුපියල් 5,026,583ක මුදලක් අවිස්සාවේල්ල නගරයේ පිහිටි බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යන අතරතුරේදී ‌මෙසේ කොල්ලකා තිබුණි.

විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකරු, එම මුදල් බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන ආ වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇති බවත්, තරුණිය ඊට ආධාර අනුබල ලබා දී ඇති බවත් ය.

අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය සතුව තිබී සොරකම් කරන ලද මුදල්වලින් රුපියල් ලක්ෂ 27ක් පමණ පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරුවන් අද අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Trending

Exit mobile version