Connect with us

පුවත්

අවුරුද්දට ගමේ යන්න ලංගමයෙන් පහසුකම්

Published

on

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ඒ අනුව උත්සව කාලය සඳහා ජනතාවගේ පහසුව වෙනුවෙන් අතිරේක බස් රථ 500ක් යෙදවීමට සැලසුම් කර ඇති බව ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේය.

අදියර දෙකක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර එහි පළමු අදියර  ලබන 9වනදා සිට 13 වෙනිදා ක්‍රියාත්මක කෙරෙනු ඇත.

අවුරුදු අවසන් වීමෙන් පසු ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණිමට අප්‍රේල් මස 16 වනදින සිටි 20 වන දින දක්වා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කරයි.

පුවත්

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කළ බිහිසුණු අනතුර  (ඡායා)

Published

on

By

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේ බස් රථයක් සහ බහාලුම් රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුර අද (18) උදෑසන සිදුව ඇති අතර, අනතුරින් පසුව කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගය පැයක පමණ කාලයක් වාහන ගමනාගමනයට අවහිර වී තිබුණි.

අනතුරින් තුවාල ලැබු 18 දෙනෙකු පමණ ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇහැළියගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

ඡායා – Accident 1st

Continue Reading

පුවත්

කෙහෙළිය අල්ලස් කොමිසමට පැමිණේ

Published

on

By

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (18) උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබේ.

Continue Reading

පුවත්

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

Published

on

By

බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

පාරිභෝගිකයින් විසින් අන්තනෝමතික ලෙස බූලි සහ බැරල්වලට ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් වෙත ඒකරාශි වෙමින් අනවශ්‍ය තදබදයක් හා පෝලීම් ඇති කරමින් කටයුතු කරන බවට වාර්තාවී ඇති හෙයින් මෙම පියවර ගත් බවද තෙල් සංස්ථාව පෙන්වා දෙයි.

ඒ අනුව, ඉහත තීරණය ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත දැනුම්දී ඇත.

ඊට පටහැනිව කටයුතු කළහොත් බෙදුම්කාරත්ව ධූරය සම්බන්ධව දැඩි විනයානුකූල පියවර ගන්නා බවත් සංස්ථාව දන්වා තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් පෙන්වා දෙන්නේ සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබියදී පාරිභෝගිකයින් විසින් අනියත බියක් ඇති කරගෙන මෙලෙස කටයුතු කරන බවට පෙනී යන බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි බූලි හා බැරල් වලට ඉන්ධන නිකුත් කිරීම තහනම් කර ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved