අවුරුදු 3ක් ඇතුළත ‘අස්වැසුම’ ලබාදීම නවත්වන බව වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා පවසයි.
අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි එම පුද්ගලයින් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත සැලැස්මක් සකස් කර ඇත.
තවද සමෘධි PLUS වැඩසටහන යටතේ එම පුද්ගලයින් විවිධ වෘත්තීන් සඳහා යෙදවීමට නියමිතව ඇති අතර, මේ පිළිබඳ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගෙන් සහ සමෘද්ධි කළමනාකරුවන්ගෙන් අදහස් ලබා ගැනීම ද මේ වනවිට ක්‍රියාත්මක බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.