පුවත්

“අශේන් පුතා” අයිස් හා කොකේන් අරන් යද්දී මාලදිවයිනේදී මාට්ටු වෙයි

Published

on

අයිස් සහ කොකේන් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් මාලදිවයින් වෙරළ ආරක්‍ෂක බළකා භාරයට ගෙන තිබේ.

ඒ, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මාලදිවයින් වෙරළ ආරක්‍ෂක බළකාය කළ ඒකාබද්ධ වැටලීමකින් ය.

නාවික හමුදාව පැවසුවේ, යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය ක්‍රිලෝග්‍රෑම් 124 ක් හමුවූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 5 කි.

ඔවුන් 21 ත් 37 ත් අත‍ර වන දෙවිනුවර සහ ත්‍රීකුණාමලය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇතැයි නාවික හමුදාව පැවසුවේ ය.

මාලදිවයින් වෙරළ ආරක්ෂක බලාක භාරයට ගෙන ඇත්තේ, අශේන් පුතා නැමති බහුදින ධීවර යාත්‍රාවකි.

Trending

Exit mobile version