2024 වසර සඳහා අස්වැසුම අයදුම්පත් කැඳවීම ජනවාරි මස අවසානයේ දී හෝ පෙබරවාරි මස මුලදී ආරම්භ කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඊයේ (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.
“2024 වසර සඳහා අස්වැසුම අයදුම්පත් කැඳවීම ජනවාරි මස අග හෝ පෙබරවාරි මස මුල ආරම්භ කරනවා…1,410,064 ක අස්වැසුම දෙසැම්බර් මස වාරික මුදලත් ගෙවා අවසන් කිරීමට අපට හැකිවුණා. අපගේ ඉලක්කය ලක්ෂ 20ක් සඳහා මෙම ප්‍රතිලාභ ලබා දීමටයි. 2023 වසරේ පැවැති යම් යම් අඩුපාඩුකම් මගහරවා ගනිමින් ප්‍රතිලාභ හිමි විය යුතු ම කණ්ඩායම සොයා ඔවුන්ට ප්‍රතිලාභ ලබා දීමට රජය කටයුතු කරනවා.”