පුවත්

අසිරිමත් නත්තලේ දී පඬුරු පූජාවට උණ්ඩ පූජා කරලා!

Published

on

නත්තල නිමිත්තෙන්  පැවති දිව්‍ය පූජාවල දී දේවස්ථාන අටකට බැතිමතුන් පූජා කරන ලද පඬුරු මාදම්පේ ශාන්ත සෙබස්තියන් මුනිතුමාගේ දේවස්ථානයේදී පරීක්ෂාකර බැලීමේදී කළු පැහැති කුඩා ප්‍රමාණයේ පෙට්ටියක  තිබූ ටී 56  උන්ඩ දෙකක් තිබී සොයා ගත් බව මාදම්පේ පොලිසිය පවසයි.

ජීව උණ්ඩ දෙකට අමතරව කාන්තාවන්ගේ අනවශ්‍ය රෝම ඉවත් කරන කුඩා ප්‍රමාණයේ අඬුවක් සහ රත්තරන් වල බර කිරීමට යොදා ගන්නා කුඩා ප්‍රමාණයේ මැනුම් උපකරණ හයක් ද තිබී පොලිස් භාරයට ගෙන ඇත.

මාදම්පේ සාන්ත සෙබස්තියන් මුනිතුමාගෙ දේවස්ථානයට අමතරව පොතුවිල මැදගම රත්නගිරිය කෝපියාවත්ත ඉරට්ටකුලම හරේන්ද්‍රගම සහ තරණ යන ප්‍රදේශවල පිහිටි දේවස්ථානවල  නත්තල් දේවමෙහෙයන් පවත්වා ඇත.

බැතිමතුන් විසින් මෙම දේවස්ථානවලට පූජා කරන ලද පඳුරු සියල්ල මාදම්පේ සාන්ත සෙබස්තියන් මුනිතුමාගේ දේවස්ථානය වෙත ගෙන ඇවිත් සාන්ත සෙබස්තියන් මුනිතුමාගේ දේවස්ථානයට පූජා කරන ලද පඬුරුද සමග එකතු කර ඒවා එකිනෙක සේවකයකු  පරීක්ෂාවට ලක්කර ඇතැයි මාදම්පේ පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙසේ පරික්ෂා කරන අවස්ථාවේ සුදු පැහැති බෑගයක බහා තිබූ මෙම කුඩා ප්ලාස්ටික් පෙට්ටිය හමුවී එය විවෘත කරන බලන අවස්ථාවේ ටී 56 උණ්ඩ දෙක හමුවී ඇතැයි පොලිසිය පවසයි.

(ලංකාදීප)

Trending

Exit mobile version