හොරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.ඩී. අබේරත්න මහතාව අද (15) ඇප මත මුදා හැර තිබේ.
ඒ, හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඔහුව රු. ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කර තිබේ.
අබේරත්න මහතාට එරෙහිව විදේශ ගමන් තහනමක් පැනවූ මහේස්ත්‍රාත්වරයා, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙසත් නියෝග කළේය.
එසේම ඔහුගේ ගිනි අවිය අධිකරණය භාරයට ගෙන ආරක්ෂක අමාත්‍යාංශය හරහා එහි බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇතැයි වාර්තා වේ.
සබැඳි පුවත් :
අහසට වෙඩි තැබූ කළුතර මන්ත්‍රී අත්අඩංගුවට (Update)