Connect with us

පුවත්

අහුන්ගල්ලේ වෙඩි තැබීමක්

Published

on

අහුන්ගල්ල පොලිස් වසමේ බලපිටිය, රේවත ප්‍රාථමික විද්‍යාලය අසලදි ඊයේ (17) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය සඳහන් කළේ,වෙඩි වැදීමෙන් තුවාල ලද පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කල බවය.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ වැලිකන්ද, අහුන්ගල්ල පදිංචි 27 හැවිරිදි විතානගමගේ ලක්ෂාන් මදුසංඛ මුණසිංහ නම් අයයි.

ඊයේ රාත්‍රී 9.35ට පමණ, නාඳුනන පුද්ගලයෙකු විසින් 9ම්ම් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර මෙම වෙඩිතැබීමෙන් තුවාලකරුගේ උදරයට වෙඩි වැදී ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව වාර්තා වේ.

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කලුහත් නදිශ් කුමාර ආබ්‍රේව් නොහොත් බාබා යන පුද්ගලයා මෙම වෙඩිතැබීම හා සම්බන්ධ බවට දැනට කරුණු අනාවරණය වී ඇත.

නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ත්‍රිරෝද රථයකින් පලාගොස් ඇති බව වාර්තා වෙයි.

සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකු මේවන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, අහුන්ගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

පුවත්

නවකවදය වැළැක්වීමට විශේෂ කාර්ය සාධක බලකායක්

Published

on

By

නවකවදය වැළැක්වීම සඳහා පොලිසිය ඇතුළු සියලු අංශ දායක කරගත්  විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇතැයි අගමැතිනි සහ  අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිනී ආචාර්ය  හරිනි  අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (04)  පැවසුවාය.

නවකවදය පනතේ අඩුපාඩු පවතී නම් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරෙන ප්‍රධාන වගකීමක් බව පැවසූ අගමැතිවරිය පසුගිය වසර පහක කාලයේදී නවකවදය සම්බන්ධයෙන් නඩු පැවරීම්  කිසිවක් කර නැතැයිද  සඳහන් කළාය.

ඇය මෙසේ පැවසුවේ කළුතර  මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Continue Reading

පුවත්

තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්

Published

on

By

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින 2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ජුනි මස 06 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ජෝන්ස්ටන්ට එරෙහි තවත් නඩුවක් විභාගයට

Published

on

By

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර සිය දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන්  තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන තවත් නඩුවක වැඩිදුර විභාගය ජූලි මස 07 වනදා දක්වා කල් තබන ලෙස කොළඹ මහාධිකරණය අද (04) නියෝග කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකරුවන් වන හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් කටයුතු කළ මොහොමඩ් සාකීර් යන විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියේය.

එහිදී ස.තො.ස ආයතනයේ වැටුප් නිලධාරී මෙරින්නගේ කොස්තා මහතාගෙන් විත්තියේ නීතිඥවරු විසින් හරස් ප්‍රශ්න ඇසීම සිදුකළේය.

ඉන් අනතුරුව වැඩිදුර විභාගය ජූලි මස 07 වනදා දක්වා කල් තැබු විනිසුරු මඩුල්ල එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කළේය.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර සිය දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ දූෂණය නමැති වරද සිදුකළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved