ආගමට සහ සංස්කෘතියට නොගැළපෙන ආකාරයෙන් පවත්වන පෙරහර අංග වහාම නැවැත්වීමට කටයුතු කරන බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා කියා සිටී.
අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ මෙරට ඇතැම් වෘත්තීන්ට නිගරු වන ආකාරයේ පෙරහර අංග සහ බීමතින් විකාරරූපී අන්දමින් ඇතැමුන් නර්තනයේ යෙදෙන ආකාරය මෑතකදී පැවැති මිහිඳු පෙරහරවල දක්නට ලැබීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදීය.
තවදුරටත් එවැනි ආකාරයේ පෙරහර අංග පැවැත්වීම වැළැක්වීමට තමන් පියවර ගන්නා බවද ඇසළ පොහෝ දිනය වෙනුවෙන් පැවැත්වීමට නියමිත පෙරහරයන්හීද මෙවැනි සංස්කෘතියට හානිකර අංග ඇතුළු කිරීම වැළැක්වීම වෙනුවෙන් තමා පියවර ගන්නා බව ද ඇමැතිවරයා සදහන් කර තිබේ.
ඒ සඳහා ජූනි මාසය අගවන විට දිවයිනේ සියලුම සංස්කෘතික නිලධාරින් හරහා පෙරහර සංවිධායක කමිටු දැනුවත් කරන බවද පෙරහරක් පැවැත්වීමට සූදානමක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශය දැනුවත් කරන ලෙසද ඔහු කියා සිටී.