පුවත්

ආගමන – විගමන නිලධාරීන් කළු පටි බඳී

Published

on

ආගමන විගමන නිලධාරීන් සංකේත වැඩවර්ජනයක  නිරතවන බව් මාධ්‍ය නිවේදනයක් ඔස්සේ දැනුම් දී තිබේ.

ඒ අනුව අද දවසේ (12)  ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය කටුනායක ගුවන් තොටුපළ ප්‍රමුඛ කරගනිමින් මෙරට තුළ ක්‍රියාත්මක සියලුම ගුවන් තොටුපළ සහ වරායන් තුළ පැය 24 ක වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

ඒ, අද (12) උදෑසන 09.00 සිට හෙට(13) උදෑසන 09.00 දක්වායි.

මේ වනවිට,  ආගමන – විගමන දෙපාර්තමේන්තුව සතුව පවතින උග්‍ර නිලධාරී හිගය, නිසි කලට තනතුරු සදහා පුරප්පාඩු නොපිරවීම, රාජකාරී සේවා මුර ක්‍රමය වෙනස් කිරීම, රජය ස්ථිර වීසා ප්‍රතිපත්තියක නොපිහිටා කටයුතු කිරීම නිසා සංචාරකයන් වේශයෙන් ජාත්‍යන්තර ජාවාරම්කරුවන් රට තුළට ඇතුළු වීම, වීසා අයදුම්පත් සම්බන්ධයෙන් කටයුතු කිරීමට විදේශීය පෞද්ගලික සමාගමකට භාරදීම යනාදී කරුණු මුල් කරගනිමින් මෙම විරෝධතා ව්‍යාපාරය ක්‍රියාත්මක වේ.

කෙසේ වෙතත් ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා සඳහන් කළේ කටුනායක ගුවන් තොටුපළ තුළ මෙම විරෝධතා ව්‍යාපාරය ක්‍රියාත්මක වුව ද විරෝධතාව හේතුවෙන් ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ පිටත්ව යන ගුවන් මගීන්ට මෙන්ම කටුනායක ගුවන් තොටුපොළ සාමාන්‍ය මෙහෙයුම් කටයුතුවලට කිසිදු විරෝධතාව මඟින් කිසිඳු බාධාවක් ඇති වී නොමැති බවයි. 

අදාල මාධ්‍ය නිවේදනය , 

Trending

Exit mobile version