පුවත්

ආගමන විගමන පාලකවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

Published

on

ආගමන හා විගමන පාලකවරයාට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

විද්‍යුත් වීසා ක්‍රමවේදය සම්බන්ධයෙන් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් අතුරු නියෝග ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝග නිකුත් කර තිබේ.

එම්.ඒ. සුමන්දිරන් ,රවුෆ් හකිම් සහ පාටලී චම්පික රණවක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව විද්යුත් වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කර තිබුණි.

Trending

Exit mobile version