ආගමන විගමන පාලක ජනරාල්වරයා සහ නියෝජ්‍ය පාලක ජනරාල්වරයා පෝලන්තයේ කර්මාන්තශාලාවක සංචාරයකට ගොස් තිබේ.
ඒ විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය හේතුවෙන් නිර්මාණය වූ හදිසි තත්ත්වයට පිළියමක් ලෙස ඇණවුම් කළ යන්ත්‍රයෙන් කියවිය හැකි විදේශ ගමන් බලපත්‍ර පොත් තොගයේ නිෂ්පාදන ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සඳහාය.
යන්ත්‍රයෙන් කියවිය හැකි විදේශ ගමන් බලපත්‍ර පොත් 7,50,000ක් ඇණවුම් කර තිබෙන අතර විද්‍යුත් ගමන් බලපත්‍රයක් සඳහා යුරෝ 4.62ක මිලක් නියම වී ඇති බවත්, යන්ත්‍රයෙන් කියවිය හැකි විශේශ ගමන් බලපත්‍ර පොතක් ඊට සත කිහිපයක් අඩුවෙන් ලබා දීමට සැපයුම්කරුවෝ එකඟ වී තිබෙන බවට වාර්තා වේ.
පළමු පොත් තොගය ඔක්තෝබර් මාසයේ මෙරටට ලැබීමට නියමිත බවට ආරංචි මාර්ග සඳහන් කරයි.
නමුත් යන්ත්‍රයෙන් කියවිය හැකි විදේශ ගමන් බලපත්‍ර පොත් 7,50,000ක ප්‍රමාණය ගොඩගැසෙමින් පවතින අයදුම්පත් සඳහා ප්‍රමාණවත් නොවීමට ඉඩ ඇති බවද වාර්තා වේ.