පුවත්

ආගමික මධ්‍යස්ථාන ලියාපදිංචිය අනිවාර්‍ය කෙරෙන අලුත් නීතියක්!

Published

on

සියලු ආගමික මධ්‍යස්ථාන හා ආගමික ආයතන ලියාපදිංචිය අනිවාර්ය කරණ නීති පණවන බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කියයි.

ඉදිරි දෙසතිය තුල ඒ සදහා  කැබිනට් පත්‍රිකාවක් ගෙන එන බවද අමාත්‍යවරයා මාධ්‍ය වෙත පවසා තිබේ.

මේ අතර, දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ ආගමික මෙහෙයන් සිදුකළ මිරැකල් ඩෝම් නම් ස්ථානය ආගමික මධ්‍යස්ථානයක් ලෙස මෙරට ලියාපදිංචි කර නොමැති බවට ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව තමන් දැනුවත් කළ කර ඇති බවද ඒ මහතා කියා සිටී.

මෙරට ආගමික මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවන අතර, එලෙස ලියාපදිංචි නොකළ තවත් ආගමික මධ්‍යස්ථාන හා ආයතන ගණනාවක් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

කෙසේවුවද, පන්දහසක පමණ පිරිසකට රැස්විය හැකි අදාළ මිරැකල් ඩෝම් නම් ආගමික මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා 2011 වසරේදී නාගරික සංවර්ධන අධිකාරියේ සහ කටුනායක සීදූව නගර සභාවේ අනුමැතිය ලබාගෙන ඇති බවද මේ අතර වාර්තා වේ.

Trending

Exit mobile version