පළාත් ආණ්ඩුකාර ධුර දරන 4 දෙනකු කඩිනමින් එම තනතුරුවලින් ඉවත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.
මෙලෙස ඉවත් කෙරෙන ආණ්ඩුකාරවරුන් 4 දෙනාගෙන් එක් අයකු වෙනත් පළාතක ආණ්ඩුකාරවරයකු ලෙස මාරුකර යැවෙනු ඇතැයි ද පැවසේ.
තවත් ආණ්ඩුකාරවරයකු වෙනත් ප්‍රධාන රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරකට පත් කෙරෙනු ඇතැයි සඳහන් වෙයි.
ස්ථාන මාරු කෙරෙන ආණ්ඩුකාරවරයාට ඔහු දැනට සේවය කරන ප්‍රදේශයේ මැති ඇමැතිවරුන් බහුතරයකගෙන් දැඩි විරෝධයක් එල්ල වීම නිසා ඔහුට ස්ථානමාරැවක් ලබාදෙනු ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.
මෙම තත්ත්වය යටතේ ස්ථානමාරු කෙරෙන ආණ්ඩුකාරවරයා හැර නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු සෙසු පුරප්පාඩු සඳහා පත්කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
ඒ සඳහා හිටපු මැති ඇමැතින් 03 කගේ නම් යෝජනා වී ඇති බවද පැවසේ.