ජනපති නියමයෙන් අද (15) සිට උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී.
එසේම, නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම එළඹෙන බදාදා (17) සිදු කිරීමට නියමිත බවද පැවසේ.
මේ අතර, ආණ්ඩුකාරවරු පත් කිරීමේ හා ඉවත් කිරීමේ හැකියාව සහ ඒ අයිතිය තිබෙන්නේ ජනාධිපතිවරයාට බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුව) මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අවධාරණය කර සිටියි.
“ආණ්ඩුකාරවරු සම්බන්ධයෙන් සමාජයේ විවිධ මත පලකරමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආණ්ඩුකාරවරු පත් කිරීමේ හා ඉවත් කිරීමේ හැකියාව සහ ඒ අයිතිය තිබෙන්නේ ජනාධිපතිවරයාට. එතුමාට ජනාධිපතිධුරය ලබාදීමේදී අපි එතුමාට මේ රට කරගෙන යන්න අවශ්‍ය සහයෝගය ලබාදෙන්න එකඟ වුණාට අපි කිසියම් කෙනෙකු ඉවත් කරන්න හෝ පත් කරන්න ඕන කියලා විවිධ කොන්දේසි දැම්මේ නෑ. ඒ ආණ්ඩුකාරවරු පත් කිරීමේ සහ ඉවත් කිරීමේ අයිතිය එතුමා සතුයි. බලය කිසිදු ආකාරයකට අභියෝගයකට ලක්කරන්නත් අපි උත්සුක වෙන්නේ නෑ. ඒ අනුව ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී මේ පැතිරෙන කතාවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේ පක්ෂයේ සම්බන්ධයක් නැති බව අපි ඉතාම පැහැදිලිව ප්‍රකාශ කර සිටිනවා.”යනුවෙන් සඳහන් කළේ ය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.