Connect with us

පුවත්

ආණ්ඩුව කැරට් මිල ඉතිහාසගත කරයි; කිරිපිටි කිලෝවත් 75කින් නගියි

Published

on

ආනයනික කිරිපිටිවල සිල්ලර මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය නිවේදනය කර ඇත්තේ ලබන සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල ඉහළ දමන බවයි.

ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රු.30 කින් සහ කිලෝග්‍රෑම් 01 පැකට්ටුවක මිල රු. 75කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මේ අතර, ඉතිහාසයේ ප්‍රථම වතාවට නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක තොග මිල රු. 1000ත් – 1100ත් අතර මිලකට අලෙවි වී තිබේ.

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ චීන ආහාර සදහා උපයෝගි කර ගන්නා බ්‍රොකලි ඇතුළු අනෙකුත් එලවළු වර්ග කිලෝවක මිල රු 7000 දක්වා ඉහල ගොස් ඇති බවයි.

අනෙකුත් එළවළු වර්ගවල මිල ගණන් පහතින්,

ලික්ස් කිලෝවක් රු. 400ත් – 500ත් 

බීට්රූට් කිලෝවක් රු. 400ත් – 500ත්

ගෝවා කිලෝවක් රු. 400ත් – 500ත්

බෝංචි කිලෝවක් රු. 750ත් – 800ත්

මාළු මිරිස් කෝලවක් රු. 750ත් – 800ත්

අමු මිරිස් කිලෝවක් රු. 1600ත්

රාබු කිලෝවක් රු. 350ත්

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved