Connect with us

පුවත්

ආණ්ඩුව වැරදි පාරේ ගියොත් මම පාරට බහිනවා

Published

on

නව ආණ්ඩුවට උතුරේ ජනතාවගෙන් ලැබුණු ඡන්ද ජාතිවාදයට විරුද්ධ ඡන්දයක් පමණක් නොවන බවත් එය බෙදුම්වාදයටද විරුද්ධ ඡන්දයක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ,බෙදුම්වාදයට පක්ෂපාතී දෙමල ජාතික සන්ධානය තෝරාගැනීම වෙනුවට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගය තෝරා ගැනීමෙන් ඒ ප්‍රදේශවල දෙමළ ජනතාව ඒ අසාමාන්‍ය ඡන්දය ලබාදීමෙන් තමන් ජාතිවාදය මෙන්ම බෙදුම්වාදයටද විරුද්ධ බවට පෙන්වාදී තිබෙන බවය.

එම අර්ථය තේරුම් ගනිමින් ආණ්ඩුව කටයුතු කිරීම ඉතා වැදගත් බව ඔහු පවසයි.

කැනේඩියානු දෙමළ සංගමය වැනි ආයතන නැවතත් ජාතිවාදී, ආගම්වාදී, බෙදුම්වාදී ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙන බවත් ඒවා සංතර්පනය කිරීම වෙනුවට ඒකීය රාජ්‍යයක් තුළ සියලු ජනතාවගේ අභිමාතාර්ථ ඉටුකරන ගමනක් ආණ්ඩුව යා යුතු බවද අමාත්‍යවරයා සඳහන් කලේය.

මෙම ජනවරම මගින් ජනතාව වඩාත් අපේක්ෂා කරන්නේ ආර්ථික අර්බුදය කඩිනමින් විසඳා ජනතාවට සාධාරණ ඉටුවන හෙට දවසක් උදා කර ගැනීම බවද විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (18) මාධ්‍යට අදහස් දක්වමිනි.

ඔවුන්ගේ දේශපාලන කටයුතු ඉදිරියට කරගෙන යන බවත් කිසි ලෙසකින්වත් රටට අදාල වගකීම භූමිකාව, කාර්යභාරය කිසිමදාක අත් නොහරින බවත් ඒ වෙනුවෙන් දිගටම කැපවෙන බවත් ඔහු එහිදී කියා සිටියේය.

ඔහු පවසන්නේ, ආණ්ඩුව නිවැරැදි ගමනක නොකරන්නේ නම් ජාතික නිදහස් පෙරමුණේ භූමිකාව ජනතාව පෙළගස්වමින් ඊට නායකත්වය ලබාදීම බවය.

එමෙන්ම සර්ව ජන බලයට එක ආසනයක් හිමිවීම පමණක් සතුටට පත් නොවන බවත් ආසන පහක්වත් හිමිවුණා නම් සතුටට පත් වීමට හැකි බව විමල් වීරවංශ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

පුවත්

ලුණු හිඟය බේකරි නිෂ්පාදනවලටත් බලපායි

Published

on

By

ලුණු හිඟය හේතුවෙන් තම කර්මාන්තයට බලපෑම් එල්ලවී ඇති බව බේකරි හිමියන් පවසයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ ලුණු ගැටලුව පිළිබඳ අමාත්‍යවරයාවද දැනුවත් කර ඇති බවය.

“මේ වනවිට ලුණු පිළිබඳ විශාල ප්‍රශ්නයක් මතුවෙලා ඇතිවෙලා තියෙනවා. අමාත්‍යවරයාත් අපි දැනුවත් කරලා තියෙනවා. අමාත්‍යවරයා කිව්වා අපට අවශ්‍ය ප්‍රමාණය ලබාදෙනවා කියලා. ඒ බලාපොරොත්තු ඇතුව තමයි මේ ඉන්නේ මොකද බේකරිවලට ඕනේ ලුණු කැට නෙමයි ගොඩක් පාචිච්කරන්නේ ලුණු කුඩු. ලුණු කුඩුවල හිඟියක් තමයි තියෙන්නේ. පංගුවක් බේකරි නිෂ්පාදන සඳහා ලුණු කුඩු අවශ්‍ය වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතිය වෙනකොට මේ ප්‍රශ්නය විසඳෙයි කියලා.” 

Continue Reading

පුවත්

මර්වින්, ප්‍රසන්න ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Published

on

By

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස්දෙනෙකු එළැඹෙන 26 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔවුන් අද (19) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Continue Reading

පුවත්

විජයග්‍රහණයේ 16වන ජාතික සැමරුම – සජීවී විකාශය

Published

on

By

දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය මේ වනවිට ආරම්භ වී තිබේ.

බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වෙන මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වීමට නියමිතය.

උත්සවය සඳහා ත්‍රස්තවාදය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාවට නායකත්වය ලබාදුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද සහභාගී වීමට ද නියමිතව තිබේ.

මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද පස්වරු 4 සිට බත්තරමුල්ල පාර්ලිමේන්තුව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

වීඩියෝ – ජාතික රූපවාහිනිය

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved