පුවත්

ආණ්ඩු පක්ෂයේ රැස්වීමෙන් පසු අද පොහොට්ටුව රැස්වේ

Published

on

ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (06) රාත්‍රියේ බත්තරමුල්ලේදී රැස්විය.

ඒ ඉදිරි දේශපාලන තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීම සඳහායි.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, සැවොම එක්ව කටයුතු කළ යුතු බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් 31 දෙනෙකුද මේ සඳහා  සහභාගි වී තිබේ.

මීට අමතරව දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවල සභාපතිවරුන්ද ඊට කැඳවා ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ හා එහි මහ ලේකම් සාගර කාරියවසම් යන මන්ත්‍රිවරුන් එම සාකච්ඡාවට සහභාගි වී නොමැත‍.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව හා දේශපාලන මණ්ඩලය අද (07) පෙරවරුවේ රැස්වේ.

ඒ කොළඹ විජේරාමේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදීයි.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කර ගැනීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව පක්ෂයේ නව ප්‍රධාන තනතුරක් පිහිටුවීමට නියමිතයි.

Trending

Exit mobile version