Connect with us

පුවත්

ආනයනය තහනම් වූ එතනෝල් අපනයනය කරන්න යයි!

Published

on

සීනි කර්මාන්ත ශාලා වල අතුරු නිෂ්පාදනයක් වන එතනෝල් මේ වනවිට අතිරික්තයක් ලෙස පවතින බව භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී  අනාවරණය විය.ඒ  අනුව එම එතනෝල් ප්‍රමිතියක් සහිතව අපනයනය  කිරීමට වැඩපිළිවෙලක්  සැකසීම පිළිබඳව  නිලධාරීහු විසින් කාරක සභාවේ අවධානයට යොමුකළහ.

මේ පිළිබඳ කරුණු සාකච්ජා වුයේ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී – බුද්ධික පතිරණ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 21දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

තහනම නිසා ලාභ

එතනෝල් ආනයනය තහනම් කිරීම හේතුවෙන්  සීනි කර්මාන්ත ශාලා මේ වනවිට ලාහ ලබමින් පවතින බව කාරක සභාවේදී අනාවරණය විය. සීනි නිෂ්පාදනයයේදී අතුරු නිෂ්පාදනයක් වන මෙම එතනෝල්,  මත්පැන්  නිෂ්පාදනය සඳහා භාවිත කරන බැවින් එම සීනි  කර්මාන්ත ශාලාවලට මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ලබාදීම වඩාත් ඵලදායී බව නිලධාරීහු කරුණු දක්වමින් පැවසුහ.

මෙරට සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 06 පමණ වන බව නිලධාරීහු කාරක සභාවට පෙන්නවා දුන්හ. කෙසේ වෙතත් එම අවශ්‍යතාවය වෙනුවෙන් ශ්‍රී ලංකාව තුල නිෂ්පාදනය කෙරෙනුයේ 10% ක ප්‍රමාණයක් නොඑසේනම් මෙට්‍රික් ටොන් හැට දහසක් පමණක් බව  කාරක සභාවේදී අනාවරණය විය. ඒ අනුව 2024 වසරේ සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාකාරී සැළැස්මක් මාස තුනක් තුළ සකසා භාර දෙන ලෙස කාරක සභාව විසින්  නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

සීනි පරිභෝජන ගැන ජනතාව දැනුවත් කිරීම

එමෙන්ම සීනි පරිභෝජන පිළිබඳ මෙරට ජනතාව තුළ පවත්නා දැනුම ඉතාමත් අල්ප හෙයින්  නිවැරදි සිනී පරිභෝජන රටාව පිළිබඳ මෙරට ජනතාව දැනුවත් කිරීමටද ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස්  කරන ලෙසද  කාරක සභාවෙන්  නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

තල් අරක්කු ඇතුළු ලංකාවේ නිෂ්පාදිත අනෙකුත් මත්පැන් වර්ග සඳහා විදේශයන්හි හොඳ ඉල්ලුමක් පැවතියද ප්‍රමිතියන්හි පවතින දුර්වලතා හේතුවෙන් වෙළඳපොළ පුළුල් කරගත නොහැකි වී ඇති බව නිලධාරීන් මෙහදී පැවසුහ. ඒ අනුව නිසි ප්‍රමිතීන්ට අනුකූලව මෙරට  මත්පැන් වර්ග අපනයනය සඳහා අවශ්‍ය පියවර ගැනීමේ වැදගත්කමද නිලධාරීහු මෙහිදී සිහිපත් කළහ.

පුවත්

යළිත් ලොකු වැස්සක්

Published

on

By

ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) නිකුත් කළ නවතම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං ද බලාපොරොත්තු වියහැකි බවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසුවන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති වෙයි.

උතුරු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු – මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 30ත් 40ත් පමණ තරමක තද සුළං ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading

පුවත්

ට්‍රම්ප් චීනයේ සංචාරයකට

Published

on

By

චීන ජනපති ෂී ජින් පින්ගේ ආරාධනයකට අනුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ සංචාරයකට සූදානම් වන බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ෂී ජින්පින් සමග පැවති දුරකථන සංවාදයකින් අනතුරුව ට්‍රම්ප් ඒ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

මෙම දුරකථන සංවාදය “ඉතා හොඳ සාකච්ඡාවක්“ ලෙස ධවල මන්දිරය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබුණි.

දෙරට අතර තීරුබදු ගැටලුව හමුවේ පසුගිය පෙබරවාරි මාසයේදී නායකයින් දෙදෙනා සාකච්ඡා කිරීමෙන් පසු දුරකථන සංවාදයක් සිදුවූ පළමු අවස්ථාව මෙයයි.

ධවල මන්දිරයේ ඉල්ලීමකට අනුව අදාළ දුරකථන ඇමතුම සිදු වූ බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇති අතර පැය එකහමාරක පමණ කාලයක් සංවාදය පැවති අතර එහිදී ප්‍රධාන වශයෙන් වෙළඳාම කෙරෙහි අවධානය යොමු කර ඇත.

ට්‍රම්ප් පවසා ඇත්තේ තමන්ද ෂී ජින් පින්ට අමෙරිකාවට පැමිණෙන ලෙස ආරාධනා කළ බවයි.

කෙසේ නමුත් විදෙස් විචාරකයන් පවසන්නේ අමෙරිකාව හා චීනය අතර වෙළෙඳ ගැටුම් පවතින පසුබිමක මෙම සාකච්ඡා සිදුවීමත් විශේෂත්වයක් බවයි.

Continue Reading

පුවත්

චමල් රාජපක්ෂ අත්අඩංගුවට!

Published

on

By

හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඒ 2022 වසරේ මැයි මස 9 වැනිදා අරගලයේදී තිස්සමහාරාමයේ මාගම පිහිටි තම නිවෙස ඇතුළු දේපළට ගිනි තබා විනාශ කළ බවට ව්‍යාජ තොරතුරු ලබා දී රජයෙන් රුපියල් එක්කෝටි පනස්ලක්ෂ විසි දෙදහස් හයසීයක මුදලක් වංචනිකව ලබා ගැනීමේ චෝදනාව යටතේ බව පැවසේ.

මේ සම්බන්ධ විමර්ශන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන බවද පැවසේ.

තිස්සමහාරාමයේ මාගම පිහිටි එම දේපළ චමල් රාජපක්ෂට අයත් නොවන්නක් බවත්, එය වෙනත් අයකු නමින් ඇති බවත් මේ වන විට අනාවරණය වී ඇති අතර, එහි කිසිදු නිවෙසක් නොතිබූ බවත් එහි වී ගබඩාවක් පමණක් තිබී ඇති බවත් හෙළිව ඇත.

අදාළ දේපළ තමන් භුක්තිවිඳින බවට චමල් රාජපක්ෂ දිවුරුම් පෙත්සමක් දී ඇති අතර, පසුව කළ විමර්ශනයේදී එහි වී ගබඩාවක් පමණක් තිබුණු බව අනාවරණය වී ඇත.

අදාළ දේපළ චමල් රාජපක්ෂට අයත් නොවන්නක් බව හෙළි වීමෙන් පසු, 2023.7.27 දිනැතිව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්.ආර්. අසෝක මහතාගේ අත්සනින් යුතුව එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාර්ලිමේන්තු කටයුතු අංශ) ආර්.එම්.එන්.ඊ.කේ. රණසිංහ මහතා විසින් අදාළ ගෙවීම් තම විෂයපථය යටතේ කළ නොහැකි බව හානි පූරණය සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් වෙත දන්වා තිබේ.

කෙසේ වෙතත් 2023.07.20 දිනැතිව තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුකරුවකු විසින් එහි නිවෙසක් තිබී ඇති බවත් එහි වටිනාකම රුපියල් 1,48,00,000ක් බවත් දැක්වෙන තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව වී ගබඩාවේ හානිය වන රු. 222,600ක් හා නොතිබූ නිවෙසක් වෙනුවෙන් රු. 1,48,00,000ක් වශයෙන් රු. එක්කෝටි පනස්ලක්ෂ විසිදෙදහස් හයසීයක මුදලක් රජයෙන් ලබාගෙන ඇත.

මෙම මුදල් ගෙවීම සම්බන්ධයෙන් නීතියට හා චක්‍රලේඛයන්ට පටහැණිව කටයුතු කළ රජයේ නිලධාරීන්ට එරෙහිවද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පැවසේ.

මූලාශ්‍රය – සිළුමිණ

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved