Connect with us

පුවත්

ආනයනික ටෙලිනාට්‍ය සඳහා බදු අය කරගැනීමට අදාළ සමීක්ෂණ මණ්ඩලය පත් කෙරේ

Published

on

ආනයනික ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා වූ බදු අය කරගැනීමට අදාළ සමීක්ෂණ මණ්ඩලය සඳහා සමාජිකයන් පත් කිරීම සිදුකර තිබේ.

ඒ අනුව, සමාජිකයින් 30 දෙනෙකුගෙන් යුත් සමීක්ෂණ මණ්ඩලයක් පත් කර ඇත.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අදාළ පත්වීම් ලබාදී තිබුණි.

පත්කරන ලද ටෙලිනාට්‍ය සමීක්ෂණ මණ්ඩලයේ නාමලේඛණ පහතින්,

1. ගාමිණී වේරගම මහතා චිත්‍රපට විචාරක,ප්‍රවීණ මාධ්‍යවේදී
2. තිස්ස ප්‍රේමසිරි මහතා චිත්‍රපට විචාරක,ප්‍රවීණ මාධ්‍යවේදී
3. මහාචාර්ය එස්. ජේ. යෝගරාජා මහතා මහාචාර්ය වාග්විද්‍යාව
4. බුද්ධදාස ගලප්පත්ති මහතා චිත්‍රපට විචාරක,ප්‍රවීණ මාධ්‍යවේදී
5. රවීන්ද්‍ර ගුරුගේ මහතා චිත්‍රපට අධ්‍යක්ෂ,ප්‍රවීණ මාධ්‍යවේදී
6. කුමාරදාස සපුතන්ත්‍රී මහතා ප්‍රවීණ ගීත රචක
7. චතුරිකා නිමලචන්ද්‍ර මහත්මිය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශ්‍රීපාලි විශ්වවිද්‍යාලය
8. ආචාර්ය එස්.ඒ.නයනා සුරවීර මහත්මිය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශ්‍රීපාලි විශ්වවිදා 
9. ෆාතිමා ශනාෂ් මහත්මිය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කොළඹ විශ්වවිද්‍යාලය
10. රංග මනුප්‍රිය මහතා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෞන්දර්ය විශ්වවිද්‍යාලය
11. ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා ප්‍රධාන කතෘ සරසවිය
12. මහින්ද ප්‍රසාද් මඉඹුල මහතා සාහිත්‍යවේදී,
13. සෝමසිරි ඒකනායක මහතා සාහිත්‍යවේදී
14. ලලිත් පී.දයාරත්න මහතා මාධ්‍යවේදී
15. සිසිර මහගමගේ මහතා සංස්කෘතික ප්‍රවර්ධන නිලධාරි
16. ගයාන් වීරසිංහ මහතා විකාශන ඉංජිනේරු
17. චමරු පතිරණ මහතා මාධ්‍ය වේදී,උපගුරු
18. වජිර පෙරේරා මහතා මාධ්‍ය වේදී,සන්නිවේදක
19. මනෝහරී හේවාවසම් මෙය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ
20. සුරංග ලක්මාල් මහතා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ
21. ෂර්ලි සමරසිංහ මහතා චිත්‍රපට අධ්‍යක්ෂ
22. ප්‍රසන්න පෙරේරා මහතා මාධ්‍ය වේදී,පරිවර්තක
23. ප්‍රියාන් විජේබණ්ඩාර මහතා මාධ්‍ය වේදී
24. දසුන් විජේසේකර මහතා මාධ්‍ය හා ප්‍රචාරණ සැලසුම්කරණ ශිල්පී
25. ලාල් විජේතුංග මහතා සිනමා සංස්කාරක හා වර්ණ සංයෝජක
26. රෝහිත සිල්වා මහතා සභාපති,සැලසිනේ ආයතනය
27. ප්‍රියන්ත කොඩිප්පිලි මහතා මාධ්‍යවේදී
28. තිස්ස නිහාල් වික්‍රමසිංහ මහතා ප්‍රවීණ ලේඛක,පිරිවෙන් ආචාර්ය
29. කපිල එම්.ගමගේ මහතා ප්‍රවීණ මාධ්‍යවේදී
30. සිසිර සිරිපාල යාපා මහතා කතෘ මණ්ඩල අධ්‍යක්ෂ,ලේක්හවුස් ආයතනය

පුවත්

අද සිට ක්‍රියාත්මක “රැකියා සඳහා විදේශ ගතවීමේදී බලපාන නීතිය”

Published

on

By

ස්වයං මාර්ගයෙන් කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා විදේශ ගතවීමේදී අදාළ ශ්‍රමිකයාගේ රැකියා ගිවිසුම අදාළ රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය මඟින් සහතික කිරීම අද සිට (01) ක්‍රියාත්මක කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, පසුගිය ජූනි මස 07 සිට මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණද, එය අද දක්වා කල් තැබුණු බවය.

නව සංශෝධනයට අනුව සෞදි අරාබිය, කුවේටය, බහරේනය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමාන්, ඊශ්‍රායලය, ජෝර්දානය, ලෙබනනය, මාලදිවයින, මැලේසියාව, සිංගප්පූරුව හා දකුණු කොරියාව යන රටවල් 13 වෙත කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් යොමුවීමේදී කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම සඳහා තම සේවා ගිවිසුම එම රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල පිහිටි කම්කරු හා සුභසාධන අංශ මඟින් සහතික කරගත යුතු අතර, ඒ සඳහා ගාස්තුව වශයෙන් අමෙරිකානු ඩොලර් 60ක මුදලක් ගෙවිය යුතු වේ.

වෘත්තීය කාණ්ඩයේ රැකියා සඳහා නව සේවා ගිවිසුමක් සහිතව ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන වෘත්තිකයින් හට, කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමේදී ඔවුන්ගේ වෘත්තියභාවය සඳහන් විදේශ ගමන් බලපත්‍රය හෝ අදාළ රැකියාවේ වෘත්තීයභාවය සනාථ කළ හැකි ලියවිලි ඉදිරිපත් කිරීමට හැකි නම්, රැකියා ගිවිසුම ශ්‍රි ලංකා දූත මණ්ඩල කාර්යාලය මඟින් සහතික කරගැනීම අවශ්‍ය නොවේ.

පසුගිය සමයේ මිනිස් ජාවාරම් හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශ රටවලදී විවිධ අපහසුතාවයන්ට ලක්වූ අතර, එම ගැටලුවලට පිළියමක් ලෙස ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සුරක්ෂිතව විදේශ රැකියා සඳහා යොමුකිරීම අරමුණු කරගනිමින් මෙම තීරණයට කාර්යාංශය එළැඹී තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනී

Published

on

By

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි  චෝදනා ලබා සිටින ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඔහුට දඬවම් නියම කිරීම මේ මස 24 වනදා සිදු කරන බවත් අධිකරණය නිවේදනය කළේය. 

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති ‍යළි රිමාන්ඩ් (UPDATE)

Published

on

By

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

එදිනට පෙර විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියම කළාය.


(පෙර පුවත 2025 ජුලි 01 පෙ.ව.11.30 )

ශ්‍රීලංකන් හිටපු සභාපති අධිකරණයට

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved