Connect with us

පුවත්

ආනයන සීමා නිසා රේගු ආදායම 12%කින් බැහැලා

Published

on

කර්මාන්තවලට අවශ්‍ය භාණ්ඩ, ඖෂධ, ගෘහ උපකරණ ඇතුළු භාණ්ඩ රැසක ආනයන සීමා ඉවත්කිරීම සම්බන්ධව රජයේ අවධානය යොමුවී ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

මුදල් රාජ්‍ය ඇමැතිවරයා රේගු මූලස්ථානයේදී ඊයේ (18) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මේ බව ප්‍රකාශ කළේය. රේගුවේ ඉකුත් පළමු කාර්තුවේ ආදායම් තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම භාණ්ඩවල සීමා ඉවත් කිරීමට අදාළව මහ බැංකුවේ ආර්ථික පර්‌යේෂණ අංශය සමග දැඩි සොයා බැලීමක් සිදුකරගෙන යන බවත්, රටට අවැඩක් නොවන පරිදි තීරණ ගන්නා බවත් ඇමැතිවරයා වැඩිදුරටත් එහිදී කීය.

රේගුවට ඉකුත් පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 270 ක ඉලක්කයක් ලබාදී තිබුණද, එම කාලය තුළදී රේගුවේ ආදායම අපේක්ෂිත ආදායමට වඩා සියයට 12 ක අඩුවක් දක්නට ලැබෙන බවද, මේ සඳහා ප්‍රධාන වශයෙන් භාණ්ඩ ආනයන සීමා පනවා තිබීම හේතු වූ බවද ඇමැතිවරයා කීවේය.

2021 වසරේ දී වාහන ඇතුළු භාණ්ඩ 485 ක්ද, ඉකුත් වසරේදී (2022) භාණ්ඩ 750ක් සඳහා ආනයන සීමා පනවා තිබෙන බවත්, මාර්තු මාසයේ ඩොලරයේ අගය පහළ යාම ද ආදායම් ඉලක්ක කරා ළඟා වීමට නොහැකි වීමට හේතු වූ බවත් රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

ඉදිරියේදී රේගුවට ඩිජිටල් තාක්ෂණය වැනි ක්‍රම හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත්, රේගු සංකේතාංක යාවත්කාලීන කරන බවත් මේ නිසා ඉදිරි අභියෝග සාර්ථකව ජය ගැනීමට හැකිවනු ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved