මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය සහ එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදා, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මාලදිවයින් ජාතික ආරක්ෂක බළකායේ සාමාජිකයින් සමඟ එක්ව ස්වභාවික හා මිනිසා විසින් ඇති කළ ආපදා අවස්ථා සඳහා සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා ඇති හැකියාව වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් හමුදා අභ්‍යාසයක් පැවැත්වීමට සැළසුම් කර තිබේ.
මෙම ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් වන ‘ඇට්ලස් ඒන්ජල්’ ලෙස නම්කර ඇත.
ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීමේ දී ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත්කම සහ ඔරොත්තු දීමේ හැකියාව සහිත සමෘද්ධිමත් ඉන්දු-ශාන්තිකර කලාපයක් පෝෂණය කිරීම සඳහා එක්සත් ජනපදයේ කැපවීම අවධාරනය කිරීම මෙහිදී සිදුවේ.
අගෝස්තු 5-9 දක්වා දිනවලදී, එක්සත් ජනපදයෙන් ආ 70 දෙනෙකුට වැඩි පිරිසක් සහ C-130 හර්කියුලිස් ගුවන් යානා දෙකක් ඔවුන්ගේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් සගයන් සමඟ මෙම අභ්‍යාසය සඳහා සහභාගී වීමට නියමිතය.
ඇට්ලස් ඒන්ජල් අභ්‍යාසය නාගරික ප්‍රදේශවල සිදුකරන සහ වෛද්‍ය සහය ලබාදීම සඳහා සිදුකරන සෙවීම් සහ ගලවාගැනීම් කටයුතු මෙන්ම, ගුවන්යානා ගොඩබස්වන ස්ථානයේ කරගන්නා අළුත්වැඩියා ඇතුළු අභ්‍යාස හයකින් සමන්විත වන අතර එය අගෝස්තු 9 වන දින සිදුකරන අර්බුද කළමනාකරණ අභ්‍යාසයකින් අවසන් වේ. මෙම අභ්‍යාස සැලසුම් කර ඇත්තේ සැබෑ ජීවිතයේ ජීවිතයේ උද්ගත වන ආපදා සඳහා සූදානම් බව සහතික කරගනිමින්, විවිධ අවස්ථා හරහා ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් පරීක්ෂා කිරීමට සහ වැඩිදියුණු කිරීමට ය. ප්‍රධාන අභ්‍යාසයෙන් පසුව, එක්සත් ජනපද ගුවන් හමුදා ශල්‍ය වෛද්‍යවරු ශ්‍රී ලංකා හමුදා සහ සිවිල් වෛද්‍ය සගයන් සමඟ යහපරිච පිළිබඳ දැනුම බෙදාහදා ගනිමින් කොළඹ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දැනුම හුවමාරු සැසියක නිරත වනු ඇත.