පවතින ආපදා හේතුවෙන් ගමනාගමන බාධා ඇතිවී තිබෙන උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.
එහි දැක්වෙන්නේ බදුල්ල සිට බණ්ඩාරවෙල දෙසට ගමන් කිරීමට අපහසු උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේදීත්, බණ්ඩාරවෙල සිට බදුල්ල දෙසට යාමට අපහසු විභාග අපේක්ෂකයින්ට බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේදීත් විභාගයට පෙනී සිටීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව එහි දැක්වේ.
විභාගය ආරම්භ වීමට විනාඩි 45කට පමණ පෙර විභාග මධ්‍යස්ථානයට පැමිණීමට කටයුතු කරන මෙන් විභාග දෙපාර්තමේන්තුව සිසු සිසුවියන් හට පවසයි.
හාලි ඇල 7වැනි සැතපුම් කණුව අසල ප්‍රදේශයේ සිදුවූ නායයාමක් හේතුවෙන් බදුල්ල – බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා ඇති වී තිබේ.