Connect with us

පුවත්

ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ නව ක්‍රමවේදයක් එළිදකී

Published

on

ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණය වඩා ශක්තිමත් කිරීම තුළින් ශ්‍රි ලාංකික පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා SLT Mobitel, Hutch, Dialog හා Airtel දුරකථන සේවා සැපයුම් ආයතන එක්ව, ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ නව ක්‍රමවේදයක් එළිදැක්වීම සහ ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට එළැඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.    

මෙම අවබෝධතා ගිවිසුම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් එස්. රණසිංහ මහතා හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්,  මධුශංක දිසානායක මහතා විසින් අත්සන් තබන ලද අතර පාර්ශ්වකරුවන් ලෙස ඩයලොග් ආසියාටා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජානක ආර්. අබේසිංහ, භාරති එයාර්ටෙල් ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අශීෂ් චන්ද්‍රා, මොබිටෙල් පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුදර්ශන ගීගනගේ, හචිසන් ටෙලිකොමියුනිකේෂන්ස් ලංකා පුද්ගලික සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සුමිත්‍ර ගුප්තා යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය. 

කාලගුණික හා දේශගුණික විපර්යාස මෙන්ම නොයෙකුත් හේතූන් මත සිදුවන ආපදා සඳහා නිසි පෙර සූදානමකින් යුතුව කටයුතු සිදු කිරීම තුළ ආපදා මඟින් සිදුවන ජීවිත සහ දේපල අනතුරු අවම කර ගත හැකි වේ. ඒ අනුව නව තාක්ෂණය යොදා ගනිමින් දුරකථන සන්නිවේදන ජාල හරහා  පූර්ව අනතුරු ඇගවීම සිදු කිරීම වඩාත් ඵලදායී කාර්යක් ලෙස හදුන්වා දිය හැක.  

ඒ අනුව විශේෂයෙන් සුනාමි ආපදාවන්ට අදාලව ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණය තව දුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ක්‍රමවේදය එළිදක්වා තිබෙන අතර දිවයිනේ දිස්ත්‍රික්ක 14ක් තුල සුනාමි අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගේ මෙන්ම සුනාමි ආපදා කළමනාකරණ යාන්ත්‍රණයට සම්බන්ධවන හඳුනාගත් පුද්ගලයින්ගේ ජංගම සහ ස්ථාවර දුරකථන අංක හැට දහසකට (60,000)  ආසන්න ප්‍රමාණයක් වෙත සයිරන් ශබ්දයක් සමග ක්ෂණික පූර්ව අනතුරු ඇඟවීමේ “Ring Tone”  නිවේදනයක් යොමු කිරීමට හැකි වන පරිදි මෙය සැලසුම් කර ඇත. 
විශේෂයෙන් රාත්‍රී කාලයේදී මහජනතාව වෙත සයිරන් ශබ්දයක් සමඟ තම දුරකථන නාද වීම තුළ වඩාත් ඵලදායී පූර්ව අනතුරු ඇගවීමේ යාන්ත්‍රණයක් මෙමඟින් ස්ථාපිත කර ගත හැකි වනු ඇත.

මෙම ක්‍රමවේදය 2023 දෙසැම්බර් 26 වන දිනට යෙදෙන “ජාතික සුරක්ෂිත දිනයට” සමගාමීව ජනගත කිරීමට නියමිතය. 

එමෙන්ම මෙම ක්‍රමවේදය තවදුරටත් ව්‍යාප්ත කරමින් නාය යාම් සහ ගං වතුර ආපදා තත්වයන් වලදී මහජනතාව වෙත මෙම පූර්ව අනතුරු ඇඟවීමේ  ක්‍රමවේදය ව්‍යාප්ත  කිරීම මගින්  බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක් ලෙසද ඉදිරියේදී මෙය දියත් කිරීමට අපේක්ෂා කෙරේ.ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන්ද, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරුන් වන බ්‍රිගේඩියර් ටී.සී. හරස්ගම, ප්‍රදීප් කොඩිප්පිලි යන මහත්වරුන්  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved