පුවත්

ආපදා මරණ ගණන ඉහළට

Published

on

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 26ක් වාර්තා වී තිබේ.

අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කලේය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 41 ක් මේ වනවිට තුවාල ලබා ඇති බවයි.

එසේම දිස්ත්‍රික්ක 23ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 262ක පවුල් 33,422ක පුද්ගලයින් 130,021ක් මේ වන විට ආපදාවට ලක්ව ඇති බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කලේය.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ රජය විසින් එම ප්‍රදේශ ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන සුරක්ෂා මධ්‍යස්ථාන 116ක පවුල් 2,368කට අයත් පුද්ගලයින් 9,248ක් රඳවා ඇති බවයි.

Trending

Exit mobile version