Connect with us

පුවත්

ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක්

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය.

ආබාධිත පුරවැසියන් තවදුරටත් යැපුම් මානසිකත්වයෙන් පෙළිය යුතු පිරිසක් නොවිය යුතුය යන්න රජයේ ප්‍රතිපත්තිය බවත් ඔවුන් තවදුරටත් දෙවැනි පුරවැසියෙක් ලෙස සැලකිය යුතු නැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා ‍මෙසේද පැවසීය.

ඉදිරි වසර වෙනුවෙන් සමාජය සවිබලගැන්වීම සඳහා සුවිශේෂී කාර්යයක් අප වෙත පැවරී තිබෙනවා. අස්වැසුම ප්‍රතිලාභීන් අතරින් ලක්ෂ 10ක් සවිබලගැන්වීමේ ක්‍රියාවලිය අප අමාත්‍යාංශය වෙත පැවරී ඇති සුවිශේෂි කාර්යයක් වනවා. ලක්ෂ 16ක් වන ආබාධිත ප්‍රජාව මේ වන තෙක් නිසි ආකාරයෙන් සවිබල ගැන්වීම සිදුව නැති බව සඳහන් කලයුතුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ මගපෙන්වීම යටතේ එම කර්තව්‍ය ද ලබන වසරේ අවසන් කිරීමට අප කටයුතු කරනවා.    

දෙසැම්බර් මස පළමු වනදාට යෙදෙන ජාත්‍යන්තර ආබාධිත දිනය වෙනුවෙන් සමාරම්භක උත්සවයක් ලෙස ආබාධිත ජනතාවත් සෙසු ප්‍රජාව මෙන් සංවර්ධනයට දායක කරගැනීම සඳහා කටයුතු යොදා තිබෙනවා. එහිදී දිවයින පුරා සිටින ආබාධිත ජනතාව සංචාරක ව්‍යාපාරයට එකතු කරගැනීම වෙනුවෙන් “Empo 2023” තේමාව යටතේ කොළඹ සිට මහනුවර දක්වා දුම්රියෙන් ගමන් කරනවා. එහිදී දළදා මන්දිරය වන්දනා කිරීමෙන් පසු, පේරාදෙණිය උද්භිද උද්‍යානයේ දී විශේෂ උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. චීනය, ජපානය ඇතුළු ලොව පුරා සිටින ආබාධිත ප්‍රජාව ද මෙම අවස්ථාව සඳහා එක්වීමට නියමිතයි.

ඒ වගේම ජනාධිපතිවරයාගේ උපදෙස් මත අබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට කටයුතු කරනවා. 2004 වර්ෂයේ සිට මේ සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා පැවතුණ ද එය නිසි අයුරන් සකස් කරගැනීමට හැකි වූණේ නැහැ. එම පනත සකස් කර අවසන් කොට ලබන වසරේ මුල් කාර්තුව තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ජාත්‍යන්තර ආබාධිත දිනයේදී (දෙසැම්බර් 01) අධිකරණ අමාත්‍ය  විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමුළුවක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙනවා.  

එමෙන්ම ආබාධිත ප්‍රජාව යනු තවදුරටත් යැපුම් මානසිකත්වයෙන් පෙළිය යුතු පිරිසක් නොවෙන බව අප රජයේ ප්‍රතිපත්තියයි. ඒ සඳහා ඔවුන් සංවර්ධනය වෙනුවෙන් මෙන්ම අධ්‍යාපනය වෙනුවෙන් දායක කරගැනීමට අප ක්‍රියා කරනවා. ආබාධිත ප්‍රජාව තවදුරටත් දෙවැනි පුරවැසියෙක් ලෙස සැලකිය යුතු නැහැ. ඔවුන්ට අප හා සමාන අයිතිවාසිකම්, තාක්ෂණික පහසුකම් සහ (Accessibility) ප්‍රවේශයත් ලබාදිය යුතුයි. 

ජනවාරි මාස ආරම්භයේදී අප අමාත්‍යංශයේ සවිබලගැන්වීමේ ප්‍රධානතම ඉලක්කය වන්නේ නිෂ්පාදනයයි. අපගේ ප්‍රජාව දළ ජාතික නිෂ්පාදනයට දායක කරගත යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරෙනවා. ඒ අනුව ක්ෂුද්‍ර මට්ටමේ ලක්ෂ 10ක නිෂ්පාදන ජාලයක් නිර්මාණය කිරීම අපගේ අරමුණ වනවා. 

ඒ වගේම සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය, විශ්‍රාම වැටුප් ක්‍රමය අනිවාර්යය කරන ලෙස සහ (disability studies) අබාධිත අධ්‍යයනය පාඨමාලාව විශ්ව විද්‍යාල විෂය නිර්දේශයට ඉදිරිපත් කරන ලෙසත් අප මෙවර අයවැය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.  

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved