Connect with us

පුවත්

ආබාධිත ප්‍රජා ප්‍රවාහන අවශ්‍යතා ගැන වැඩි අවධානයක්

Published

on

ආබාධිත ප්‍රජාවගේ ප්‍රවාහන අවශ්‍යතා පිළිබඳව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ප්‍රවාහන ක්‍ෂේත්‍රය හා සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කීරීම තුළින් සාධනීය දිශානතියක් කරා ප්‍රවාහන ක්‍ෂේත්‍රය යොමු කරවීම සඳහා වන දෙවැනි අනු කාරක සභා රැස්වීමේදී සාකච්ඡා විය.

ඒ එම අනු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 10 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙම රැස්වීම සඳහා ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති,අනුකමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ද එක්ව සිටියේය.

තවද, විවිධ ආබාධ සහිත ප්‍රජාව නියෝජනය කරමින් සංවිධාන සහ ආයතන ප්‍රධානීන් ඇතුළු නියෝජිතයින් පිරිසක්ද ද සහභාගී වී සිටියහ.

ඒ අනුව ආබාධිත ප්‍රජාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමේදී මතුවන ගැටලු සහ එම ගැටලු නිරාකරණය කිරීම සඳහා වූ යෝජනාවන් ද අනු කාරක සභාවේදී දීර්ඝලෙස සාකච්ඡා කෙරිණි.

ප්‍රවාහන මාධ්‍ය භාවිතා කිරීමේදී ආබාධ සහිත ප්‍රජාවට ඒවාට නිසි ලෙස ප්‍රවේශ වීමේ පහසුකම් නොමැතිකම එම ප්‍රජාවට පවතින ප්‍රමුඛතම ගැටලුවක් බව මෙහිදී හඳුනාගැනිණි. බස්රථ සහ දුම්රිය සඳහා නිසි ප්‍රවේශ පහසුකම් නොමැති කම හේතුවෙන් එම ආබාධ සහිත පිරිස් කුලී පදනම මත ලබාගත් වාහන වලින් තම ප්‍රවාහන පහසු කම ලබා ගන්නා බවත් ඒ වෙනුවෙන් අති විශාල මුදලක් ඔවුනට වැය කිරීමට සිදුවන බව පැමිණි සිටි පිරිස කාරක සභාවට අවධාරණය කරන ලදී.

2006 අංක 1 දරන ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ ප්‍රවේශ නියෝගය පිළිබඳ නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින් එම ප්‍රජාවන්ට නිසි පහසුකම ලබාදියයුතු බව දක්වා තිබුණද එම නියෝග අදාළ ආයතන හෝ පුද්ගලයින් පිළිනොපදින බවද ඔවූහු පෙන්වා දුන්හ. ඒ අනුව එම නීති ප්‍රයෝගිකව ක්‍රියත්මක වීම තුළ ආබාධ සහිත ප්‍රජාවට ලැබෙන සහනය පිළිබදව ද ඔවුහු කාරක සභාවේ අවධානයට යොමු කළහ.

බස්රථවල ඇතැම් කොන්දොස්තරවරුන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් ආබාධ සහිත පිරිස් බොහෝ අපහසුතාවන්ට ලක්වන බව මෙම සංවිධනවල නියෝජිත පිරිස කාරක සභාවට පෙන්වා දුන්හ. මෙවැනි ගැටලු නිරාකරණය කිරීම සඳහා නීති සම්පාදනය කිරීම මෙන්ම ආබාධ සහිත පිරිස් පිළිබඳ දක්වන ආකල්ප යහපත් මට්ටමටකට ගෙන ඒමේ අවශ්‍යතාවයද එම නියෝජිත පිරිස අවධාරණය කළහ.

බස්රථවල සහ දුම්රියවල ආසන, නීතියක් මඟින්ම ආබාධිත පුද්ගලයින් සඳහා වෙන්කිරීම, කොන්ද්සි විරහිතව ආබාධිත පුද්ගලයින් බස්රථ සඳහා නංවා ගැනීමේ අවශ්‍යතාවය, දුම්රිය ස්ථානවල ආබාධ සහිත පිරිස් වෙනුවෙන් සන්නිවේදන පහසුව උදෙසා සකස් වියයුතු දේ පිළිබඳව මෙන්ම ඔවුන්ට බලපා ඇති තවත් බොහෝ ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ජා කෙරිණි. එමෙන්ම ශ්‍රවනාබාධිත ප්‍රජාව සඳහා රියදුරු බලපත්‍ර ලබාදීම මේ වන විට නතර කර ඇති බවත් එය නැවත එම පිරිස වෙත ලබාගැනීමට අවශ්‍ය මැදිහත් වීම් සිදුකරන ලෙසත් එම නියෝජිත පිරිස කාරක සභාවෙන් ඉල්ලා සිටියහ.

ඒ අනුව මෙම ආබාධ සහිත පිරිසගේ ගැටලු හා යෝජනා ලිඛිතව මෙම කාරක සභාව වෙත සති දෙකක් තුළ යොමු කරන ලෙසත් එලෙස ලැබෙන ගැටලු හා යෝජනා සළකා බලා අවසන් වාර්තාවක් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව වෙත ලබාදීමට කටයුතු කරන බවත්සභාපතිතුමිය පැවසුවාය.

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading

පුවත්

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Published

on

By

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved