Connect with us

පුවත්

ආබාධ සහිත පුද්ගලයින්ගේ ආධාර මුදල ඉහළට

Published

on

ආබාධ සහිත පුද්ගලයන් සඳහා විශේෂ ආධාරක උපකරණ මිලදී ගැනීමට රජය විසින් එක් පුද්ගලයෙකු සඳහා ලබාදෙන රුපියල් 20,000ක ආධාර මුදල රුපියල් 50,000 දක්වා වැඩිකිරීමට තීරණය කර තිබේ.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශ පරිශ්‍රයේදී විෂයභාර අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාවේදී මෙම තීරණය ගෙන තිබුණි.

පුවත්

හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධියේ 6දෙනාම රිමාන්ඩ් (UPDATE)

Published

on

By

නාරාහේන්පිට ප්‍රදේශයේදී තුසිත හල්ලොලුව මහතා ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) එලෙස නියම කළේය.


(පෙර පුවත 2025 මැයි 29 පෙ.ව.9.29 )

හල්ලොලුවට වෙඩි තබා ඇත්තේ ඩුබායි පාතාලයකුගේ කොන්ත්‍රාත්තුවකට

ජාතික ලොත­රැයි මණ්ඩ­ලයේ හිටපු ක්‍රියා­කාරී අධ්‍ය­ක්ෂ­ව­ර­යකු මෙන්ම හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතාගේ මහ­ජන සම්බ­න්ධතා අධ්‍යක්ෂ ජන­රාල් වශ­යෙන් කට­යුතු කරන ලද තුසිත හල්ලො­ලුව සහ නීතිඥ දිනේෂ් දොඩං­ගොඩ යන මහ­ත්ව­රුන් ගමන් කර­මින් සිටි ජීප් රථ­යට වෙඩි තබා පහර දුන් සිද්ධිය ඩුබා­යිහි රැඳී සිටින මත්කුඩු ජාවා­ර­මට සම්බන්ධ පාතාල අප­රා­ධ­ක­රු­වකු සිදු කරණ ලද්දක් බවට තොර­තුරු අනා­ව­ර­ණය වී ඇතැයි වාර්තා වේ.

අදාළ පාතාල අප­රා­ධ­ක­රුගේ පියා මෙරට චිත්‍ර­පට හා ටෙලි නාට්‍ය නළු­වකු බවත්, මෙරට දීර්ඝ­තම ටෙලි නාට්‍ය ලෙස සැල­කෙන කොපි­කඩේ ටෙලි නාට්‍යයේ අප්පුගේ චරි­තය නිරූ­ප­ණය කරනු ලැබුවේ ඔහු පැවසේ.

ඩුබායි සිටින අප­රා­ධ­ක­රුගේ මෙහෙ­ය­වී­මෙන් වෙඩි­ක්ක­රුගේ බැංකු ගිණු­ම­කට රුපි­යල් ලක්ෂ 02ක මුද­ලක් ද යතු­රු­පැ­දි­ක­රුගේ බැංකු ගිණු­ම­කට රුපි­යල් ලක්ෂ 02ක මුද­ලක් ද  ඩුබායි බැංකු ගිණු­මක් ඔස්සේ බැර කර ඇති බව ද විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇතැයි වාර්තා වේ.

මේ අතර, වෙඩි­ක්කරු සහ යතු­රු­පැ­දි­කරු ජීප් රථයේ තිබී කිසිදු ලිපි­ගො­නු­වක් පැහැ­ර­ගත් බවට මෙතෙක් කළ විම­ර්ශ­න­ව­ලින් තොර­තුරු කිසි­වක් හෙළි කර ගැනී­මට නොහැකි වී ඇතැයි ද පැවසේ.

මෙම වෙඩි තැබී­මට සහ පහ­ර­දී­මට පැමිණි යතු­රු­පැ­දියේ පැදි­කරු මෙන්ම යතු­රු­පැ­දි­කරු මෙහෙ­යවූ වාහන කුලී ආය­ත­න­යක හිමි­ක­රු­වකු ද මේ වන විට පොලිස් අත්අ­ඩං­ගු­වට පත්ව සිටී.

ඔවු­න්ගෙන් කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදී පවා ජීප් රථයේ තිබුණු ලිපි­ගො­නු­වක් පැහැර ගැනී­මක් ගැන තොර­තුරු අනා­ව­ර­ණය නොවන බවද පැවැසේ.

“ජීප් එකේ ඉන්න අයට කිසිදු හානි­යක් වෙන්නැති වෙන්න පහ­ර­දී­මක් කරන්න කිය­ලයි කිව්වේ. අපි ඒ විදි­හට කළා. ලිපි­ගො­නු­වක් ගැන නම් මම කිසි දෙයක් දන්නේ නැහැ“ යැයි අත්අ­ඩං­ගුවේ සිටින යතු­රු­පැ­දි­කරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇතැයි වාර්තා වේ.

මෙම යතු­රු­පැ­දි­කරු වත්තල හුනු­පි­ටියේ පදිං­චි­ක­රු­වකු වන අතර වාහන කුලි­යට සප­යන ආයත­නයේ මැකෑ­නි­ක්ව­ර­යකු ලෙස කට­යුතු කර ඇති බව ද අනා­ව­ර­ණය වී ඇත. වාහන කුලි­යට සප­යන ආය­ත­නය පිහිටා ඇත්තේ කිරු­ළ­පන ප්‍රදේ­ශ­යේය. 

එහි හිමි­කරු කලක් වත්තල හුනු­පි­ටියේ පදිං­චිව සිට ඇති බවත් යතු­රු­පැ­දි­ක­රුගේ නිවෙ­සට යාබද නිවෙ­සක වාහන කුලි­යට දෙන ආය­ත­නයේ හිමි­කරු පදිං­චිව සිට ඇති බවත් විම­ර්ශ­න­යේදී හෙළිවී තිබේ.

වෙඩි­ක්කරු සහ යතු­රු­පැ­දි­කරු පසු­ගිය 17 වැනිදා නාරා­හේ­න්පි­ටදී අදාළ වෙඩි තැබී­මට ගොස් ඇත්තේ ද කිරු­ල­පන පිහිටි වාහන කුලි­යට සප­යන ආය­ත­නයේ සිට බවට ද තොර­තුරු අනා­ව­ර­ණය වී ඇත.

යතු­රු­පැ­දි­ක­රුව මෙම සිදු­වී­මට සම්බන්ධ කර­ගෙන ඇත්තේ වාහන කුලි­යට සප­යන ආය­ත­නයේ හිමි­කරු විසින් බවත් ඔහුව සහ වෙඩි­ක්ක­රුව මෙහෙ­යවා ඇත්තේ ඩුබා­යිහි රැඳී සිටින මත්කුඩු ජාවා­ර­මට සම්බන්ධ පාතාල අපරාධකරු විසිනි.

වෙඩි­ක්කරු උස්වැ­ට­කෙ­යි­යාවේ පදිං­චි­ක­රු­වකු බවත් ඔහු පාතාල අප­රා­ධ­ක­රු­වකු හෝ වෘත්ති­යෙන් ඝාත­ක­යකු නොවන බවත් පොලිස් විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇත. 

එම පුද්ග­ලයා සුළු සොර­ක­ම්ව­ලට සම්බන්ධ අයකු බව ද අනා­ව­ර­ණය වී තිබේ. 

වෙඩි­ක්කරු හමු­දාවේ සිටි පුද්ග­ල­යකු බවට සැක කළත් ඔහු හමුදා සේවයේ සිටි අයකු බවට පැහැ­දිලි තොර­තුරු මෙතෙක් අනා­ව­ර­ණය වී නැති බවත් පැවැසේ.

යතු­රු­පැ­දි­කරු, ඔහුව මෙහෙ­යවූ වාහන කුලී ආය­ත­නයේ හිමි­කරු, වෙඩි තැබී­මෙන් පසු යතු­රු­පැ­දිය සැඟ­වී­මට සහාය දැක්වූ දෙදෙ­නකු, යතු­රු­පැ­දි­ක­රුගේ බිරිය සහ යතු­රු­පැ­දි­කරු මහ­ර­ගම තාව­කා­ලි­කව පදිං­චිව සිටි නිවාස සංකී­ර්ණයේ ආර­ක්ෂක නිල­ධා­රියා මේ වන විට අත්අ­ඩං­ගු­වට ගෙන සිටින බව කොළඹ අප­රාධ කොට්ඨා­සයේ තොර­තුරු සඳ­හන් කළේය.

මේ අත­රින් යතු­රු­පැ­දි­කරු සහ යතු­රු­පැ­දිය සැඟ­වී­මට සම්බන්ධ වූ පුද්ග­ල­යන් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ පෙරේදා (27)ය. 

යතු­රු­පැ­දිය සැඟ­වී­මට සහාය වූ දෙදෙනා වත්තල හා ග්‍රෑන්ඩ්පාස්හි පදිං­චි­ක­රු­වන්ය.

වෙඩි­ක්කරු අහ­සට වෙඩි තබා ජීප් රථයේ විදුලි පහ­න්ව­ලට වෙඩි­ල්ලක් තබන විට යතු­රු­පැ­දි­කරු කෙටේ­රි­යක් රැගෙන ජීප් රථයේ ඉදි­රි­පස වීදු­රු­වට පහර කිහි­ප­යක් එල්ල කර ඇති බව ද ප්‍රශ්න කිරීම් හමුවේ අනා­ව­ර­ණය වී ඇත. 

කෙටේ­රිය රැගෙ­න­විත් ඇත්තේ වෙඩි­ක්කරු බව සඳ­හන්ය.

තුසිත හල්ලො­ලුව සහ ඔහුගේ නීතිඥ දිනේෂ් දොඩං­ගොඩ යන මහ­ත්ව­රුන් නීති උප­දෙස් ගැනී­මට මෙරට ප්‍රසිද්ධ නීති­ඥ­ව­ර­ය­කුගේ නිවෙ­සට ගොස් පිට­තට පැමි­ණෙන විට මෙම ප්‍රහා­රය එල්ල වී තිබිණි. 

ඔවුන් දෙදෙනා එම නිවෙ­සට යන බව මෙන්ම එම නිවෙස පිහිටි ප්‍රදේ­ශය ගැනත් ජීප් රථය ගමන් ගන්නා මාර්ගය ගැනත් ප්‍රහා­රය එල්ල කළ යුතු ස්ථානය ගැනත් කල්ති­යාම වෙඩි­ක්කරු සහ යතු­රු­පැ­දි­කරු දැනු­වත් කර තිබී ඇති බව ද විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී ඇත.

යතු­රු­පැ­දි­කරු සහ යතු­රු­පැ­දිය සැඟ­වී­මට සම්බන්ධ වූ සැක­ක­රු­වන් දෙදෙනා රැඳ­වුම් නියෝග මත රඳ­වා­ගෙන විම­ර්ශන පැවැ­ත්වී­මට කොළඹ දිසා අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීන්ගේ අව­ධා­නය යොමුවී තිබේ.

මෙම සැක­ක­රු­වන් තිදෙනා පැය 24ක් රඳවා තබා­ගෙන ප්‍රශ්න කිරී­මට කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් පසාන් අම­ර­සේන මහ­තා­ගෙන් කොළඹ දිසා අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීහු ඊයේ (28) අධි­ක­ර­ණ­යෙන් අව­සර ද ඉල්ලා සිටි­යේය.

සැක­ක­රු­වන් කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට කොළඹ අප­රාධ කොට්ඨා­සය මඟින් ඉදි­රි­පත් කරනු ලැබුවේ ඊයේ පස්ව­රු­වේ­දීය.

මෙම සිද්ධි­යට අදා­ළව තමාට ප්‍රකා­ශ­යක් දීමට අවශ්‍ය බව ද අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වකු කළ ඉල්ලී­ම­කට අධි­ක­ර­ණ­යෙන් අව­ස­රය හිමි­විය.

මෙම සිද්ධි­යට අදා­ළව මීට පෙර ආධාර අනු­බල දීමේ චෝද­නාව මත අත්අ­ඩං­ගු­වට ගෙන රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින කාන්තාව ඇතුළු අනෙක් සැක­ක­රු­වන් තිදෙනා අද (29) පස්වරු දෙකට අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙසට ද බන්ධ­නා­ගාර අධි­කා­රි­ව­ර­යාට නියෝග කළේය.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන “ජාතික පරිසර සතිය”

Published

on

By

පරිසර සතියක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ , ජුනි 05ට යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙනි.

ජගත් පරිසර දිනය වෙනුවෙන් “ජාතික පරිසර සතිය” හෙට (මැයි30)  සිට ජුනි 05වැනිදා දක්වා ප්‍රකාශයට පත් කර ඇතැයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සදහන් කරයි.

2025 ලෝක පරිසර දිනය (Ending Plastic Pollution) “ප්ලාස්ටික් මගින් සිදුවන දුෂණය අවසන් කරමු” යන ගෝලීය තේමාව යටතේ සැමරීම සදහා කටයුතු සකස්වෙමින් පවතී.

වර්තමාන රජයේ ප්‍රමුඛ වැඩ සටහනක් වන Clean Sri Lanka වැඩසටහනේ පරිසර කුළුණ යටතේ පරිසරයට ආදරය කරන සමාජයක් බිහිකිරීම ප්‍රධාන අපේක්ෂාව පදනම් කර ගනිමින් ලෝක පරිසර දින තේමාව හා එක් වෙමින් ජනතාව විවිධ ක්‍රියාකාරකම් සඳහා බද්ධ කරගැනීම මේ අනුව සිදුකෙරේ.

මේ අනුව, 

  • මැයි 30වැනිදා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය ලෙසත්, 
  • මැයි 31 වැනිදා වායු දුෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය ලෙසත්, 
  • ජුනි 01වැනිදා පරිසර පවිත්‍රතාවය පිළිබඳ දැනුවත් කිරීමේ දිනය ලෙසත්, 
  • ජුනි 02 වැනිදා ජෛව විවිධත්වය සංරක්ෂණ දිනය ලෙසත්, 
  • ජුනි 03වැනිදා ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය ලෙසත්, 
  • ජුනි 04වැනිදා වෙරළ කළාප පවිත්‍ර කිරීමේ දිනය ලෙසත්, 
  • ජුනි 05 රුක්රෝපණය හා ජගත් පරිසර දින ජාතික සැමරුම ලෙසත් වැඩසටහන් ක්‍රියාත්මක වේ.

මෙයට සමගාමීව ජාතික පරිසර සතිය තුළදී රාජ්‍ය ආයතන, පාසල්, පෞද්ගලික අංශය, වැවිලි සමාගම් හා වතු ක්ෂේත්‍රය, රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සංවිධානවල මූලිකත්වයෙන් ප්‍රජාවගේ සහභාගීත්වයෙන් විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කරමින් පරිසර සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු සංවිධාන කරමින් පවතී.

ජගත් පරිසර දිනය යෙදෙන ජුනි 05 ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා දේශපාලන අධිකාරියේ සහභාගීත්වයෙන් ජාතික සැමරුම් උළෙල කෑගල්ල දිස්ත්‍රික්කයේ නිදහස් මාවත පරිශ්‍රය කේන්ද්‍රකරගනිමින් පැවැත්වීමට නියමිතය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

පාස්පෝට් නිකුත් කිරීමේ එක්දින සේවයේ පැය 24 පුරා මෙහෙයුම් හෙටින් අවසන්

Published

on

By

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් මහජනතාව සඳහා ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවයේ පැය 24 පුරා සිදුකිරීම 2025.05.30 දිනෙන් අවසන් කෙරෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවය පැය 24 පුරාවට සිදු කිරීම 2025.02.18 දින සිට ක්‍රියාත්මක වූ අතර එය මෙලෙස හෙට (30) දිනයෙන් අවසන් වෙයි.

ඒ අනුව 2025 ජුනි මස 02 වන සඳුදා සිට බත්තරමුල්ල පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ එක්දින ගමන් බලපත් නිකුත් කිරීමේ සේවාව සඳහා අයදුම්පත්‍ර භාරගැනීමේ කටයුතු පෙරවරු 7:00 සිට පස්වරු 2:00 දක්වා සිදුකරනු ලැබේ.

එදිනට එක්දින සේවාව යටතේ කලින් දිනයක් වෙන් කරගනු ලැබු එදිනට නියමිත අයදුම්කරුවන් සඳහා මෙන්ම හදිසි හෝ ප්‍රමුඛ අවශ්‍යතා ඇති අයදුම්කරුවන්ටද ඉහත කාලසීමාව තුළ තම අයදුම්පත් එක්දින සේවාව යටතේ භාරදිය හැකිය.

ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍ය සේවය යටතේ අයදුම්පත් භාරගැනීම ද පෙ.ව. 7:00 සිට ප.ව. 2:00 දක්වා සිදු කෙරෙයි.

ප්‍රාදේශීය කාර්යාලවල පෙර පරිදිම පෙ.ව. 7:00 සිට ප.ව 2:00 දක්වා සාමාන්‍ය හා එක්දින අයදුම්පත් භාරගැනීම සිදුකරනු ලබයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved