Connect with us

පුවත්

ආයතන 7ක් සුරාබදු පොලු තියලා ; 2ක් ආගිය අතක් නෑ!

Published

on

සුරාබදු ප්‍රමාද වූ ගෙවීම් සඳහා අදාළ ආයතන 7 ක් පවතින බවත් සමාගම් දෙකක් බිලියන 1.5 කට වැඩි ප්‍රමාණයක් ගෙවිය යුතුව තිබුණත් ඔවුන් සම්බන්ධ කිසිදු තොරතුරක් තවමත් ලැබී නොමැති බවත්, ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවති ක්‍රම සහ විධි කාරක සභාවේදී අනාවරණය විය.  

අනෙක් සමාගම් ගෙවීම් සැලසුම්වලට අනුව කටයුතු කළද මෙම සමාගම් ද්විත්වය ගෙවීම් සැලසුම් ඉදිරිපත් කොට නොමැති බවත් මෙහිදී හෙළිදරව් විය.අදාළ සමාගම් ද්විත්වය, ග්ලෝබ් බ්ලෙන්ඩර් සහ වයඹ ස්ප්‍රිතු ගබඩාව යන සමාගම් බවද මෙහිදී අනාවරණය විය.

ක්‍රම සහ විධි කාරක සභාව ඊයේ (20) පෙරවරුවේ එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී රැස්වූ අවස්ථාවේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙම කරුණු හෙළි කළහ.

ගෙවීම් තවත් ප්‍රමාද වුනොත් සමාගම් 7ක බලපත්‍ර අහෝසියි!
එමෙන්ම අදාළ සමාගම් තම හිඟ බදු ඔක්තෝබර් 15 දිනට පෙර ගෙවීමේ අවශ්‍යතාව යළි අවධාරණය කෙරුණු අතර, එසේ නොකළහොත් ඔක්තෝබර් 30 වෙනිදා වන විට බලපත්‍ර අත් හිටුවීමක් සිදු කළ යුතු අවධාරණය කෙරිණ.

මත්පැන් අලෙවි ආයතනවලට බලපත්‍ර ලබා දීමේ දි මින් යම් තැන්පතුවක් (Deposit/Bond) තබා  ගැනීමේ අවශ්‍යතාව ද මෙහිදී කාරක සභා සභාපතිවරයා විසින් පෙන්වා දෙන ලදී.

ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් වංචාවට අදාළ විමර්ශන පුළුල් කිරීමටත් නියෝග
මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකරය මුද්‍රණ කටයුතු සිදු කිරීමේදී වංචාව සිදුවී ඇත්තේ කෙසේද යන්න පුළුල් ලෙස විමර්ශනය කළ යුතු බව කමිටු සභාපතිවරයා අවධාරණය කළේය.

කාලාන්තරයක් මුළුල්ලේ මහා පරිමාණයෙන් සිදුව ඇති මෙම දැවැන්ත වංචාව නිසා රජයට අහිමි වූ බදු මුදල් ප්‍රමාණය අතිවිශාල බව කමිටුව පෙන්වා දුන්නේය.

ස්ටිකර් වංචාවට නිසා රජයට අහිමි වූ බදු ගණනය කරන ලෙසට උපදෙස්
2023 09.07 වන දින සිට ව්‍යාජ ස්ටිකර් සම්බන්ධ කොපමණ ප්‍රමාණයක් දඩ ලෙස අය කරගෙන ඇත්ද යන්න සම්බන්ධ වාර්තාවක් ලබාදෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව වෙත දැනුම් දුන් සභාපතිවරයා; මුදල් අමාත්‍යාංශය මගින්, ව්‍යාජ ස්ටිකර් වලින් සුරාබදු දෙපාර්තමේන්තුවට අහිමි වූ ආදායම ගණනය කොට කාරක සභාව වෙත වාර්තා කරන ලෙස ද, නියෝග කළේය.

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි සිදු කොට ඇති බවත්, එම කටයුත්ත සිදුවූ ස්ථානය සහ සිදු කළේ කවුරුන් ද යන්න තවමත් ස්ථිරව කිව නොහැකි බවත්, සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ කළ අතර, කමිටු සභාපතිවරයා නියෝග කළේ මේ මස අග වන විට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් මෙම කටයුත්ත සිදු කර ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳ තොරතුරු ස්ථිර කරගන්නා ලෙස ය. සාම්පල වශයෙන් පරීක්ෂාවට ලක්වූ මත්පැන් බෝතල් 60532 කින් 55000 ආසන්න ප්‍රමාණයක් ව්‍යාජ ස්ටිකරය සහිත බෝතල් බව ද මෙහිදී හෙළිවිය.ව්‍යාජ ස්ටිකර් සම්බන්ධ වැටලීම් දිගින් දිගටම සිදු කරගෙන යන බවත්, එම වැටලීම්වලින් 90% කට වැඩි ප්‍රමාණයක ස්ටිකර් ව්‍යාජ ඒවා බවත්, සුරාබදු නිලධාරීන් විසින් අනාවරණය කරන ලදී.එහිදී කමිටු සභාපති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ  සිල්ලර ව මත්පැන් අලෙවි කරන ආයතන මෙම ව්‍යාජ ස්ටිකර් යෙදූ ඒවා ඉවත් කළා ද නැද්ද යන්න සම්බන්ධව වාර්තාවක් අවශ්‍ය බවයි. දිගින් දිගටම අදාළ වැටලීම් සිදු කළ යුතු බවත්, දඩ ගැසීමේ ක්‍රියාවලිය දිගටම සිදු කරන ලෙසත් දඩ ගැසූ දින සිට මින් ඉදිරියට ව්‍යාජ ස්ටිකර් සහිත බෝතල් අලෙවි කළහොත් මත්පැන් විකිණීමේ බලපත්‍රය අහෝසි කිරීම සඳහා කටයුතු කරන ලෙසත්, මෙහිදී අවධාරණය කෙරිණ.

පළමු වතාවේ ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් අලෙවි කළ අය දෙවැනි වතාවේ එසේ කොට නැති බව වගකීමෙන් ප්‍රකාශ කරන බව සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීහු කියා සිටියහ.

මෙම ස්ටිකරය සැපයීම සදහා ටෙන්ටර් කැදවීම, අදාළ තාක්ෂණික කමිටුව ඇතුළු සියලු තොරතුරු කමිටුවට ලබා දෙන ලෙස ද නියෝග කෙරිණි.එසේම අලුතින් ටෙන්ඩර් කැදවා මෙම ස්ටිකරය මුද්‍රණ කටයුතු ලබා දෙන ලෙස ද මුදල් අමාත්‍යාංශයට කමිටුව විසින්  නිර්දේශ කරන ලදී.

මෙම පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභා සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, ලසන්ත අලගියවන්න, වාසුදේව නානායක්කාර, අශෝක් අබේසිංහ, ඉෂාක් රහුමාන්, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ද එක්ව සිටියහ.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved