පුවත්

ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් රතු එලියක්

Published

on

ආගමික සමගියට හානිවන අන්දමින් සිදුකරන ප්‍රකාශ සහ ක්‍රියාවන් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ රටේ ආගමික ආරවුල් ඇතිකරමින් පවතින සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමේ අපේක්ෂාවෙන් සිටින විවිධ අරමුණු සහිත කණ්ඩායම් පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බවය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසා ඇත්තේ, රට මුහුණ පා සිටින දරුණු ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ඒමට උත්සහා දරමින් සිටින මෙවන් අවස්ථාවක විවිධ කණ්ඩායම් විසින් රටතුළ තවත් අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සහ දරණ බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන පරිච්ඡේදය සහ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ), (ආ) අනුව,  පුද‍්ගලයෙකු හෝ සංවිධානාත්මක කණ්ඩායමක් එවැනි පටු චේතනාවකින් කටයුතු කිරීමට උත්සහා දරන්නේනම් ඔවුන්ට නීතිය දැඩිලෙස ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

Trending

Exit mobile version