Connect with us

පුවත්

ආරක්ෂක කැමරාවලින් හොර වාහන අල්ලයි

Published

on

කොළඹ නගරයේ සවිකර ඇති ආරක්ෂක කැමරා මගින් මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමට ආරම්භකර ඇති මෙහෙයුම්වලින් ව්‍යාජ අංක තහඩු යොදා මහ මග ධාවනය කෙරන සුඛෝපභෝගී වාහන 2267ක් හදුනා ගැනීමට පොලිසිය සමත්ව ඇත.

ආරක්ෂක කැමරා මගින් මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ මෙහෙයුම ආරම්භකරනු ලබන්නේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදීය. එදා සිට දෙසැම්බර් 31 වෙනිදා දක්වා ගෙවුණු කාලය තුළ රථවාහන නීති උල්ලංඝණය කළ වාහන 12,246ක් නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත්ව තිබේ.

කැමරාවෙන් හදුනාගන්නා වාහනයේ අංකයන්ට අනුව එහි ලියාපදිංචි හිමිකරු හදුනාගෙන ඒ ඔස්සේ නීතිය ක්‍රියාත්මක කරනු ඇත. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ඝෘජුවම මෙම අංශයේ නිලධාරීන්ට සම්බන්ධවීමේ අවස්ථාවද ඒ සඳහා ලබාදී තිබේ.

කොළඹ නගරයේ සවිකර ඇති ආරක්ෂක කැමරාවලට හසුවූ මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නිරීක්ෂණය වූ වාහන 12,246 අතර වාහන 2267ක් හොර වාහන ලෙස හදුනාගෙන ඇත්තේ එහි ලියාපදිංචි හිමිකරු සොයා යාමෙනි. මෙම වාහන 2267න් වැඩි වාහන ප්‍රමාණයක අංක තහඩු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ දත්ත පද්ධතියේ මෙතෙක් ලියාපදිංචිකර නොමැති ඒවා බවත් ඇතැම් වාහන ලියාපදිංචි හිමිකරුවන් සොයා ගොස් පරීක්ෂා කිරීමේදී එම පුද්ගලයන්ට එවැනි වාහනයක් තබා යතුරුපැදියක්වත් ගැනීමට වත්කමක් නැති පුද්ගලයින් බවත් පෙනී ගොස් තිබේ.

මෙම වාහන 2267ම හොර වාහන බවට ඒ අනුව විශ්වාස කරන බව මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී සමීප රූප ආවේක්ෂණ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා පැවසීය.

මෙම වාහන අංක දිවයිනපුරා පොලිස් ස්ථානවලට යොමුකරමින් ඒවා නීතියේ රැහැනට හසුකර ගැනීමේ මෙහෙයුමක් ඉදිරියේදී දියත් කරන බව ද කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් පැවසීය.

දිනමිණ

පුවත්

දෙහිවල වෙඩි තැබීමක්

Published

on

By

දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා තිබේ.

පොලීසිය පවසන්නේ, ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවය.

Continue Reading

පුවත්

මිලාන් ජයතිලක අත්අඩංගුවට

Published

on

By

පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉඩමක පිඹුරුපතක් අනුමත කිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ඒ මහතාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading

පුවත්

මහින්දානන්ද රිමාන්ඩ් (UPDATE)

Published

on

By

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


(පෙර පුවත 2025 මැයි 19 පෙ.ව.11.28 )

හිටපු අමාත්‍ය මහින්දානන්ද අධිකරණයට පැමිණේ

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ආනයනය කර රුපියල් කෝටි 130ක පාඩුවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (19) කොළඹ අලුත්කඩේ අධිකරණයට පැමිණියේය.

අල්ලස් කොමිසම මගින් ඔහුට එරෙහිව චෝදනා නගා ඇත.

සබැඳි පුවත්

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved