ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඊයේ ( 28), ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වි තිබේ.
ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු ආරක්‍ෂක ලේකම්වරයා යුද හමුදා මූලස්ථානයට පැමිණි පළමු නිල සංචාරය මෙයයි.
ඉන් අනතුරුව, යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ආරක්‍ෂක ලේකම්වරයා ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, ඔහු යුධ හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු කාර්යය මණ්ඩලය හඳුන්වා දෙන ලදී.
මෙහිදී, ආරක්‍ෂක ලේකම්වරයා සහ යුධ හමුදාපතිවරයා සුහද සාකච්ඡාවක නිරත වූ අතර, යුද හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟද සාකච්ඡාවක නිරත විය.
පිළිගැනීමේ සටහනකින් පසුව භට පිරිස් ඇමතූ ආරක්‍ෂක ලේකම්වරයා, සිදුවිය හැකි කැරලි, ස්වභාවික විපත් සහ වසංගත පිළිබඳව නිසි අවධානය යොමු කරමින් ජාතික ආරක්‍ෂාව ප්‍රමුඛත්වය කොට ගනිමින් රටේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා හමුදාව දක්වන දායකත්වය පිළිබඳව අගය කර තිබේ .
අනතුරුව, එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් අමුත්තන්ගේ පොතේ සටහනක් තැබූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කිරීම උදෙසා සමරු තිළිණ හුවමාරුවක් ද සිදුව තිබුණි.
ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී, යුද හමුදා මූලස්ථානයේ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය ද, මෙම අවස්ථාවට එක්ව සිටියහ.