“ශ්‍රී ලංකාවට තාක්‍ෂණයේ සිට කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය, සංචාරක කර්මාන්තය සහ තවත් බොහෝ ආයෝජන අවස්ථා රාශියක් ඇති බව ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරිය වන අනුරාධා යහම්පත් මහත්මිය පවසයි.
මේ වන විට පවතින ආර්ථික අර්බුදය ජයගැනීමේදී චීනය නිබඳ සහයක් දෙන මිතුරෙකු ලෙස රැඳෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඇය පැවසුවාය.
නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරිය මෙසේ කියා සිටියේ වීඩියෝ මාර්ගයෙන් අද (19දා) 3 වන චීන-දකුණු ආසියානු සහයෝගිතා සංසදය අමතමිනි.චීනයේ යුනාන් පළාතේ ඇරඹුනු චීන-දකුණු ආසියා ප්‍රදර්ශනයට සමගාමීව මෙම සහයෝගිතා සංසදය යුනාන් පළාතේ ආණ්ඩුකාර වං යුබෝ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
– කැළුම් ශිවන්ත යුන්නාන් හි සිට