පුවත්

ආශුගේ පෙම්වතියගේ පෙත්සම විසිකරයි! 

Published

on

හිටපු ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතාගේ පෙම්වතිය බව පැවසෙන කරදන ගමරාලලාගේ වගීෂා ආදර්ශා නැමැත්තිය රහස් පොලිසීය විසින් තමන් අත්අඩංගුවට ගනු ලැබුව හොත් ඇප ලබා දෙන ලෙසට ඉල්ලමින් ඉදිරිපත් කළ පුද්ගලික ඇප ඉල්ලීමට ඇප නියම කිරීම සුදුසු නොවේ යැයි තීරණය කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා එම අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන විමර්ශනයට අදාළව නගා ඇති චෝදනාවන් ඇප ලබාදිය හැකි වැරදි බවට පෙනී යන බවත්, මේ වන විට මෙම සිද්ධියේ විමර්ණය මුල් අවස්ථාවේ නොව අවසන් වීමට නියමිතව ඇති බවත් ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා ඒ හේතුවෙන් මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලබන බවට ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සදහා අධිකරණයෙන් නිකුත් කළ සිතාසියක් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ නිලධාරීන් පෙනී සිටි අතර, අගතියට පත් පාර්ශ්වය වන  ආශු මාරසිංහ මහතා වෙනුවෙන් නිතීඥ චමින්ද අතුකෝරාල මහතා සමග නිතීඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

(ලංකාදීප)

Trending

Exit mobile version