Connect with us

පුවත්

ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් ජනපති හමුවෙයි

Published

on

ආර්ථික සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහය

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආසියානු සංවර්ධන බැංකුවේ   ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ  ටකෆුමි කඩොනෝ (Takafumi Kadono) මහතා ජනාධිපති කාර්යාලයේදී අද (07) පෙරවරුවේ  හමුවූ අවස්ථාවේදී මෙම එකඟතාව පළකර තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙතෙක් සිදු කරගෙන යන සියලු ගිවිසුම් ඒ ලෙසම ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවද ආසියානු සංවර්ධන බැංකුවේ   ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ  ටකෆුමි කඩොනෝ (Takafumi Kadono) මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීමට සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව මූල්‍ය ආධාර ලබාදීමට කැමැත්ත පල කර තිබේ.

ඒ අනුව සංචාරක ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් නංවාලීම සඳහා  මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර ඇත.

උතුරේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම  සඳහා  ජනාධිපති අනුර කුමාර දිසානායක  මහතා කළ ඉල්ලීමට අනුව ආසියානු සංවර්ධන බැංකුවේ   ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ  ටකෆුමි කඩොනෝ (Takafumi Kadono) මහතා මෙහිදී එකඟතාව පළ කළේය.

එසේම  ශ්‍රී ලංකාවේ බලශක්තිය හා සුළු පරිමාණ ව්‍යවසායකයන් දියුණු කිරීමට අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදීමටත්, මූල්‍ය ක්ෂේත්‍ර දියුණු කිරීම සඳහා  මූල්‍යාධාර ලබාදීමටත් ආසියානු සංවර්ධන බැංකුව වැඩිදුරටත් කැමැත්ත පළ කරන ලදී.

ආසියානු සංවර්ධන බැංකුවේ   ශ්‍රී ලංකාව සඳහා වන  මෙහෙයුම් ප්‍රධානී චොල්පොන් මැම්බෙටෝවා  (Cholpon Mambetova)  , මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, අධ්‍යක්ෂ ජනරාල් ඩී.ඒ.පී. අබේසේකර, අධ්‍යක්ෂ උදේනි උඩුගහපත්තුව, ජ්‍යෙෂ්ඨ ආර්ථික නිලධාරීන් වන  හසිතා වික්‍රමසිංහ සහ ලක්ෂිණී ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

වෙසක් සමයේ දිවයින පුරා විශේෂ වැටලීම්

Published

on

By

වෙසක් සමයේදී රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරිය පවසන්නේ, වෙසක් සමයේදී බහුලව භාවිතා වන අටපිරිකර, ආගමික පූජා, හඳුන්කූරු, අලංකාර භාණ්ඩ සහ විදුලි බල්බ වැනි දෑ සහ ඒවා විකුණන වෙළෙන්ඳන් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන බවය.

එමෙන්ම, මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දී තිබේ.

Continue Reading

පුවත්

මිත්‍රත්ව සංගමේ ලොකු පුටුව නලින්දට

Published

on

By

ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත්ව තිබේ.

ඒ, එම සංගමය පසුගිය 08 වනදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වූ අවස්ථාවේදීය.

එම රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා එම සංගමයේ ලේකම් ධූරයට පත්වී තිබේ.

Continue Reading

පුවත්

සිරිපා වන්දනා සමය අදින් අවසන්

Published

on

By

අද දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයත් සමග මෙවර ශ්‍රී පාද වන්දනා සමය ද අවසන් වේ.

ඒ අනුව හෙට (13) පෙරවරුවේදී ශ්‍රී පාද මළුවේ සිට සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව රැගත් පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිත බව දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී පුජ්‍ය මොරහැල සුගතජෝතී හිමි පැවසූහ.

පසුගිය දෙසැම්බර් මස 14 වන දින මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved