Connect with us

පුවත්

ආසියාවේ විශිෂ්ඨ විද්‍යාඥයන් අතරට අපෙන් 5ක්!

Published

on

‘ඒෂියන් සයන්ටිස්ට්’ සඟරාව, 2023 වසරේ විශිෂ්ඨතම ආසියානු විද්‍යාඥයන් 100 දෙනා නම් කර ඇති අතර, ඊට ශ්‍රී ලාංකිකයන් පස්දෙනකු ඇතුළත්ව සිටීම විශේෂිතය.

වෛද්‍ය රොහාන් පෙතියාගොඩ, මහාචාර්ය චන්දන ජයරත්න, කොළඹ විශ්වවිද්‍යාලයේ චතුරංග රණසිංහ, ආචාර්ය ආශා ඩි වෝස්, සහ මොරටුව විශ්වවිද්‍යාලයේ අශානි සවින්ද රණතුංග ශ්‍රී ලංකාවෙන් එම ලැයිස්තුවට ඇතුළත් වූ විද්‍යාඥවයන් සිවුදෙනාය.

ආචාර්ය රොහාන් පෙතියාගොඩ සත්ව විද්‍යාවෙන් 2022 ලිනියානු පදක්කම දිනාගත් අතර, එම පදක්කම ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයාය. ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව සංරක්ෂණය පිළිබඳ ඔහුගේ නිරන්තර පර්යේෂණ, ලේඛන සහ උපදේශනය ලොව පුරා පිළිගැනීමට ලක්ව තිබේ. 

විද්‍යා හා තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ වෘත්තීය විශිෂ්ටතාවය සඳහා ජීවිතයේ එක්වරක් ලැබෙන ඉහළම සම්මානය වන ජාතික එපෙක්ස් සම්මානයෙන් මහාචාර්ය චන්දන ජයරත්න මහතා 2022 දී පුදනු ලැබුණි.

සාගර ජීව විද්‍යාඥවරියක මෙන්ම, ‘ඕෂන්ස්වෙල්’ නිර්මාතෘවරිය වන ආචාර්ය ආශා ඩි වෝස් නිල් තල්මසුන් පිළිබඳ පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකි. ඇය සමුද්‍ර ක්ෂීරපායී පර්යේෂණ පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගත් පළමු ශ්‍රී ලාංකික විද්‍යාඥවරියයි.

ආචාර්ය චතුරංග රණසිංහ 2022 වසරේ 7 වැනි ෂෙයික් ෆහ්මද් හිරෝෂිමා – ආසියා ස්පෝට්ස් ඇන්ඩ් මෙඩිසින් සම්මානයෙන් පුදුම් ලැබ සිටී. මෙම සම්මානය වසර හතරකට වරක් ආසියාවේ වෛද්‍ය විශේෂඥයකුට ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවට දක්වන දායකත්වය වෙනුවෙන් පිරිනමනු ලැබේ.
කාර්මික සහ කෘෂිකාර්මික අපද්‍රව්‍ය අගය එකතු කළ නිෂ්පාදන බවට පත් කිරීම සහ පරිසර හිතකාමී ඉදිකිරීම් සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිතා කිරීම වෙනුවෙන් ආචාර්ය අශානි සවින්දා රණතුංග 2022 වසරේ ‘ඕඩබ්ලිව්එස්ඩී-එල්ස්වයර්’ පදනමේ සම්මානයෙන් පිදුම් ලබා ඇත.

ආසියාවේ විද්‍යාඥයන්ගේ නව නිපැයුම්, ඔවුන් ලබා ගන්නා ජයග්‍රහණ, ඔවුන් විද්‍යාවට කරන සේවය ඇගැයීමට ලක් කරන්නේත්, ඔවුන්ගේ දස්කම් විස්කම් ලොවට පවසන්නේත් ‘ඒෂියන් සයන්ටිස්ට්’ සඟරාවය‍.

සම්මානවලින් පිදුම් ලැබ ඇති ‘ඒෂියන් සයන්ටිස්’ සිංගප්පූරුවේ ‘වයිල්ඩ් ටයිප් මීඩියා ගෲප්’ මාධ්‍ය ජාලයට සම්බන්ධය.

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved