පුවත්

ආසියා පැසිෆික් කලාපයේ රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරු ලංකාවට

Published

on

ආසියා පැසිෆික් කලාපයේ රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු ඇතුළු 300 කට අධික පිරිසක් අද(17) මෙරට පැමිණීමට නියමිතව තිබේ. 

ඒ, ලබන 20 වැනිදා සිට 22 වැනිදා දක්වා කොළඹදී පැවැත්වෙන එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා- පැසිෆික් කළාපීය සමුළුවට සහභාගිවීම සඳහා ය.

ඊට අමතරව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාද හෙට දිනයේ මෙරටට පැමිණීමට නියමිත අතර මහජන චීනය, මැලේසියාව, ජපානය, පකිස්ථානය, බංග්ලාදේශය ආදි රටවල්  රැසක කෘෂිකර්ම අමාත්‍යවරුද මෙම සමුළුවට සහභාගි වීමට නියමිත බවට දැනුම්දී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට සඳහන් කළේ ය. 

මෙම සමුළුවේ සමාරම්භක සැසිවාරය ලබන 20 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් රටවල් රැසක අමාත්‍යවරු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ ය.

Trending

Exit mobile version