පුවත්

ආහාර විෂ වීමකින් සිසුන් පිරිසක් රෝහලේ

Published

on

කහටගස්දිගිලිය ප්‍රාථමික විද්‍යාලයේ 3 ශ්‍රේණියේ පාසල් සිසුන් පිරිසක් අද (12) උදෑසන ආහාර විෂ වීමකින් කහටගස්දිගිලිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම සිසුන් පාසලෙන් ලබාදෙන උදෑසන ආහාර වේල ලබාගැනීමෙන් පසුව මඳ වේලාවකින් ඇඟ කැසීම් ඇතිවිමත් සමග සිසු සිසුවියන් 25 දෙනෙකු රෝහල් ගත කර ඇත.

වෛද්‍යවරුන් පවසන්නේ, සිසුන් උදෑසන ලබාගත් ආහාර හේතුවෙන් මෙම ආසාත්මිකතාවය ඇතිවී ඇති බවයි.

කහටගස්දිගිලිය ප්‍රාථමික විද්‍යාලයේ 3C සහ 3ඪ් යන පන්ති වල ඉගෙනුම ලබන සිසුන් මෙලෙස රෝහල්ගත කර ඇත.

විද්‍යාලයේ විදුහල්පතිවරයා පවසන්නේ, 3ඪ් පන්තියට අද දිනයේ ආහාර ලබාදෙන සැපයුම්කාර මව නොපැමිණීම හේතුවෙන් 3C පන්තියට ආහාර සපයන මව විසින් 3ඪ් පන්තිය සඳහාද  ආහාර ලබාදීම සිදුකර ඇති බවත් මේ පිළිබඳව තමාද වැඩිදුර සොයා බලා කටයුතු කරන බවය.

Trending

Exit mobile version