පුවත්

ආහාර විෂ වූ 43ක් රෝහල්ගත කෙරේ

Published

on

ආහාර විෂ වීමෙන් පෞද්ගලික ආයතනයක සේවක සේවිකාවන් 43 දෙනකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබේ.

මීගොඩ පොලිසිය පැවසුවේ පාදුක්ක වටරැක ප්‍රදේශයේ පිහිටි විදුලි උපකරණ නිෂ්පාදන ආයතනයකින් අද (04) පෙරවරුවේ මෙම  සිදුවීම වාර්තා වූ බවය

එම පිරිස ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පවසයි.

මේ පිරිස අතර කාන්තාවන් 25 දෙනෙකු හා පුරුෂයින් 18ක් වන බවත් ඔවුන් අවුරුදු 20 – 40 අතර වයසේ පසු වන්නන් බව වාර්තා වේ.

අදාළ සේවක සේවිකාවන්ට ආයතනය තුළම ක්‍රියාත්මක ආපන ශාලාව මගින් උදෑසන ආහාරය ලබාදී තිබෙන බව සඳහන්ය.

එම ආහාර ගැනීමෙන් අනතුරුව ටික වේලාවකට පසුවයි වමනය, ක්ලාන්තය සහ උදරයේ වේදනාව හටගෙන ඇති බව සඳහන් වේ.

ඒ අනුව  අසාත්මිකතා හටගත් පිරිස රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණි.

Trending

Exit mobile version