Connect with us

පුවත්

ඇඟලුම් කම්හල් වැසීමෙන් පන්දහසකට රැකියා නැතිවෙලා!

Published

on

ගෙවුණු මාස කිහිපය තුළ ඇගලුම් කර්මන්තශලා දහයකට ආසන්න ප්‍රමාණයක් තාවකාලිකව වසා දැීම නිසා එහි සේවය කළ පන්දහසකට ආසන්න සේවකයින් හා ඒ ආශ්‍රිත වක්‍ර රැකියාවන්වල නිරතවු විශාල පිරිසකට සිය ආදායම් අහිමිව යාමෙන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටිති.

ප්‍රධාන පෙළේ ඇගලුම් ආයතනයක කර්මාන්තශාලා තුනක්, එවැනිම ආයතන දෙකක කර්මාන්තශාලා දෙක බැගින් හා තවත් ආයතන තුනක කර්මාන්ත ශාලාද මෙසේ තාවකාලිි‌‌ක‌ව වසා දමා තිබෙි. 

කොග්ගල, මිපේ, මාතලේ, වතුරගම, අනුරාධපුර, ආදි  ප්‍රදේශවල මෙසේ කර්මාන්තශාලා වසා ඇත.

මෙම කර්මාන්තශාලාවල සේවය කල ඇතැමුන්ට ඔවුන් සේවය කළ කාලයට අනුව වන්දියක් ලබා දිමටත්, තවත් සමහර ආයතන කර්මාන්තශාලාවේ වැඩ තාවකාලිකව වසා දමා සේවකයින්ට නිවාඩු ලබාදී මුලික වැටුප ගෙවිමටද කටයුතු ක‌ල බව වාර්තා වේ.

ආයෝජන මණ්ඩලය යටතේ ඇති ආයෝජන කළාප පහළවක  කර්මාන්තශාලා එකසිය තිස් පහක් ද තවත් ලියාපදිංච් කර්මන්තශාලා තුන්සිය විසි හයක් වශයෙන් කර්මාන්තශාලා හාරසිය හැට එකක් (461) ඇති අතර ඒ්යෙහි ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් සේවය කරති.

එසේම ඒ් හා තුන් ගුණයක ප්‍රමාණයක් මෙම කර්මානාතශාලා හේතුවෙන් වක්‍ර රැකියාවලින් ජිවිතය සරිකර ගනියි.

නවාතැන් පහසුකම්, ආහාරපාන, ප්‍රවාහන පහසුකම් සපයන්නන්, සිල්ලර වෙළදසැල් හිමියන් ඇතුලු  විශාල පිරිසක් ඉන් ආදායම් ලබති. 

දැනට තාවකාලිකව වසා දමා ඇති මෙම කර්මාන්තශාලා හේතුවෙන් වක්‍ර රැකියාවලින් දිවි ගෙවු විශාල පිරිසක් දැඩි බලපෑමකට ලක්ව ඇත.

මේ සම්බන්ධයෙන් ඇගලුම් කර්මාන්තශාලා හිමියන්ගේ සංසදයේ  සභාපති යොහාන් ලෙවරන්ස්ගෙන් කල විමසුමකදී ඔහු පැවසුවේ ප්‍රධාන ඇගලුම් ගැනුම්කරුවන් වන ඇමරිකාව හා යුරෝපා සංගමයෙන් ඇති ඉල්ලුම අඩුවිම නිසා මෙම තත්වය උදාවී ඇති බවයි.

තවත් මාස දෙකක තුනක කාලයකට දැනට ලැබි ඇති ඇනවුම් ප්‍රමාණවත් බවත් සැප්තැම්බර් වලින් පසුව මෙම තත්වය යහපත් අතරට හැරෙනු ඇති බවටත් ඔහු විශ්වාසය පළ කලේය.

 මෙය ශ්‍රි ලංකාවට පමණක් බලපෑ තත්වයක් ‌‌නොවන බවත් බංගලාදේශය, වියට්නාමය, කාම්බෝජය, චිනය වැනි රටවල් වල ඇගලුම් කර්මාන්තශාලාවලට ද තදින් බලපා ඇති බව ඔහු සදහන් කලේය.

පුවත්

අදින් ඇරඹෙන පොසොන් සතිය

Published

on

By

පොසොන් සතිය අද (07) සිට ආරම්භ වෙයි.

ඒ අනුව ලබන 13 වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වෙන අතර අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජාතික පොසොන් උත්සවය සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කේ.පී.ආර්. විමලසූරිය මහතා පැවසීය.

ඔහු පවසන්නේ පොසොන් කාලසීමාව තුළ බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සපයාගැනීම සඳහා විශේෂ ජංගම දුරකථන යෙදවුමක් ද නිර්මාණය කර ඇති බවය.

රථවාහන තදබදය අවම කරගැනීම සඳහා සහ අනුරාධපුරයට පැමිණෙන බැතුමතුන්ගේ පහසුව සඳහා වාහන නැවැත්වීමට රථගාල් පහසුකම් ඇති ස්ථාන, දන්සල් පැවැත්වෙන ස්ථාන, ප්‍රථමාධාර මධස්ථාන ඇති ස්ථාන මෙන්ම මාර්ග තදබදය පවතින ස්ථාන ආදිය ඇතුළත් කරමින් මෙම යෙදවුම හදුන්වා දීමට බලාපොරොත්තු වන බවද කේ.පී.ආර්. විමලසූරිය මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය අවසන්

Published

on

By

පරිපූරක පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අද (07) උදෑසන 8.00ට අවසන් කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර තිබේ.

එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ මෙම වර්ජනයෙන් රෝගීන්ට වන අපහසුතාවට සැලකිල්ලට ගනිමින් සිය සංගම් පහෙන් සංගම් 04ක් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බවය.

වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කළද වෛද්‍ය රසායනාගාර වෘත්තියින් තවදුරටත් වර්ජනයේ නිරත වන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදෙන්නේ නම් තාවකාලිකව නතර කිරීමට පියවර ගත් වැඩ වර්ජනය ඉදිරියේදී නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. 

Continue Reading

පුවත්

යළිත් ලොකු වැස්සක්

Published

on

By

ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) නිකුත් කළ නවතම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං ද බලාපොරොත්තු වියහැකි බවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසුවන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති වෙයි.

උතුරු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු – මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 30ත් 40ත් පමණ තරමක තද සුළං ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved