පුවත්

ඇතැම් භික්ෂූන් විශ්වවිද්‍යාලයෙන් පිටවෙන්නේ ගිහියන් ලෙස – ජනපති

Published

on

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පිවිසෙන ඇතැම් භික්ෂූන් වහන්සේලා අවසානයේ ගිහියන් හැටියට ඉන් පිටවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අද (29) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

“සිවුරු දැරුවා කියලා ධර්මයට විරුද්ධව ක්‍රියා කරන්න එයින් විශේෂ ආරක්ෂාවක් ගන්න බැහැ. ඒ නිසා මේ පනත අවශ්‍යයි.  ඇතැම්විට මේ හැසිරීම තුළින් පැවිදි සමාජය තුළ තිබෙන ප්‍රශ්න ගිහි සමාජය තුළින් මතු කෙරෙනවා. මෙහිදී අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළයුතුයි. අද භික්ෂුන් වහන්සේලා ලෙස විශාල පිරිසක් විශ්වවිද්‍යාලවලට ඇතුලත්වුණත් අවසන් වෙනකොට ඉන්නේ ගිහියන් විදියට. අපි පළමුවෙන්ම තීරණය කළයුතුයි භික්ෂුන් වහන්සේ‍ලා විදියට විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණොත්, භික්ෂුන් වහන්සේ ලෙසම උපාධිය ලබාගෙන ඉන් පිටවිය යුතු බව. ඒ ගැන මහානායක ස්වාමීන්වහන්සේලා සමග සාකච්ඡා කළ යුතුයි. ඒවගේම විශ්වවිද්‍යාල තුළ හැසිරීම මේ කතිකාවන්ට සම්බන්ධ කළයුතුයි. මේ යන ක්‍රමවේදය තවදුරටත් ඉදිරියට පැවතුනොත් අපේ ශාසනය නැති වෙනවා. ඒකයි මම විශේෂයෙන්ම අද මේ ගැන කතා කළේ,” යැයි ජනපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Trending

Exit mobile version