Connect with us

පුවත්

ඇතැමුන්ට නොතේරුණ මහාචාර්ය අබේගේ විහිළුව ගැන පැහැදිළි කිරීමක්

Published

on

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී රිළා උවදුර සහ මොනරුන්ගේ උවදුර පහව යනතුරු කුකුල්මස් (බ්‍රොයිලර්) නිෂ්පාදනය නවතා දෙන්න බැරිද යන්න තමා විමසා සිටියේ රිළා සහ මොනර මස් ආහාරයට ගත යුතුයි යන අදහසින් නොවන බව රාජ්‍ය පරිපාලන ඇමැති මහාචාර්ය චන්දන අබේරත්න පැවැසීය.

තමා එවැන්නක් ප්‍රකාශ කළේ විහිළුවට බවත් විහිළුවක් තේරුම් ගැනීමට නොහැකි අයවලුන් සිටීම කනගාටුවට කරුණක් බවත් ඇමැතිවරයා සඳහන් කළේය. 

මෙම රැස්වීම සඳහා ආණ්ඩුකාරවරයා සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් සරත් ජයකොඩි ඇතුළු ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් වන හෙක්ටර් අප්පුහාමි සහ ජනත් චිත්‍රාල් ප්‍රනාන්දු සහභාගී වූහ. 

එහිදී රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා රිළා උවදුර සහ මොනරුන්ගේ උවදුර පහව යනතුරු කුකුල්මස් (බ්‍රොයිලර්) නිෂ්පාදනය නවතා දෙන්න බැරිද යන්න විමසා සිටියේ සභාවේ සියල්ලන් සිනා සාගරයේ ගිල්වමිනි.

කෙසේ වෙතත් රැස්වීමෙන් අනතුරුව ඒ පිළිබඳව ඇමැතිවරයාගෙන් විමසීමේදී මෙසේ පැවැසීය.

“එයින් රිළා මස් මොනර මස් ආහාරයට ගන්න කියලා අදහස් කළේ නැහැ. විහිළුවක් තේරුම් ගැනීමට නොහැකි අයවලුන් සිටීම කනගාටුවට කරුණක්. රිළා මොනර ප්‍රශ්නයට කඩිනමින් යටි වගාවන් ආරම්භ කරනවා.” තවද එහිදී තවමත් පුත්තලම දිස්ත්‍රික්කයේ ඌරු මස් පරිභෝජනයට නොගන්නා ලෙස සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීය.

මූලාශ්‍රය – අරුණ

පුවත්

පොදු ප්‍රවාහන බස්රථ ආනයනයේ දී කොන්දේසි මාලාවක්

Published

on

By

එළඹෙන වසරේ ජනවාරි මාසයේ සිට පොදු ප්‍රවාහන බස් රථ ආනයනය කිරීම සඳහා කොන්දේසි මාලාවක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ආරක්ෂිත මෙන්ම නවීන තත්ත්වයට ගැලපෙන බස්රථ පමණක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට කටයුතු කරන බවය.

එමෙන්ම පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහන නියමිත ප්‍රමිතීන් යටතේ ධාවනයේ පවතින්නේ ද යන්න පිළිබඳව ඉදිරියේ දී සොයාබැලීම සම්බන්ධයෙන් කටයුතු කරන බව ද ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේය.

Continue Reading

පුවත්

රට හැමතැනම අදත් වැසි

Published

on

By

අද (15) දවසේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය  හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

පුංචි ආණ්ඩු 139ක් හදන්න විපක්ෂය එක්වෙයි

Published

on

By

ජාතික ජන බලවේගයට බහුතර බලය අහිමි පළාත් පාලන ආයතන 139ක බලය පිහිටුවීමට විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ ඊයේ (14) එකඟතාවකට පැමිණ ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, මල් පාරේ පිහිටි නිවෙසේ පැවැති සාකච්ඡාවේදී මෙම එකඟතාවට පැමිණ තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved