2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව මේ වනවිට 18ක් දක්වා ඉහළගොස් තිබේ.
ඒ අනුව මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 10කින් ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනය කළේය.